Feeds:
Posts
Comments

මේ ඡායාරූප ටික මට හම්බ වුනේ මගේ හිතවතෙක් මට එවාපු ඊමේල් එකකින්. බලන්න කොච්චර සුන්දරද කියලා…..

Technical Details – f/3.5, Exposure 1/8 sec, ISO 1250, Camera – Nikon D40

මේ ඡායාරූපය මහතලා හටනේ පන්සලේ ගත්තු එකක්. මේ පන්සල තියෙන්නෙ මාතලේ ප‍්‍රදේශයේ කළල්පිටිය කියන ගමේ. වළගම්බා රජු සමයේ දී මාතලේ අලූවිහාරයේ දී ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඩ කරන්න වළගම්බා රජතුමා ප‍්‍රදානය කල රත්තරන් කළාලයක් තැන්පත් කරපු ප‍්‍රදේශය කියන අරුතින් තමයි මෙම ප‍්‍රදේශයට කළල්පිටිය කියන්නෙ. උතුරා යන ලිං, සශ‍්‍රීක වෙල් යායවල්, කඳු යායවල්….. පුදුම ලස්සන ප‍්‍රදේශයක්. මේ ඡායාරූපය ඉර බැහැගෙන යන වෙලාවෙ ගත්තු එකක්. අපේ තියාගෙන හොඳ හුස්මක් එහෙම අරන් අඩු වේගයකින් ගත්තෙ. පොඞ්ඩක් හෙල්ලිලත් තියෙනවා. ඒ වුනාට මම ගත්තු නිසාද කොහෙද කරුමෙට ලස්සනයි වගේ……

මේ ඡායාරූප මට ගන්න පුලූවන් වුනේ මාතලේ, කළල්පිටිය ගමේ අපි පවත්වපු පරිසර කඳවුරේ දී. මෙම කඳවුර සඳහා අපේ පුහුණු මධ්‍යස්ථාන 02 ක ළමුන් සහ ජපානයෙන් පැමිණි 18 දෙනෙකුගේ කණ්ඩායමකුත් සහභාගී වුනා. එහිදී පැවති සංස්කෘතික සංදර්ශනයක දී ජපානයේ තරුණයෙක් පෙන්වපු ගිණිකෙලි සංදර්ශනයක් සහ අපේ මාතලේ තරුණයෙක් පෙන්වපු ගිණිකෙලි සංදර්ශනයක් තමයි මේ. රැ ගත්තු නිසා ඡායාරූප එච්චරම හොඳ නැහැ. ඒත් බලන්න අපේ කොල්ලන්ගෙ වැඩ…..

ඔන්න මම ගියා යසෝධරාවගේ ගමට. ඒ කියන්නෙ කෝලිය රාජධානියෙ දෙව්දහ නුවරට. මේක තියෙන්නෙ නේපාලයේ නවල්පරාසි කියන ප‍්‍රදේශයේ. පරාසි තමයි අදාළ දිස්ත‍්‍රික්කය. මෙය පිහිටලා තියෙන්නෙ ලූම්බිණියට කිලොමීටර 30 පමණ නැගෙනහිර පැත්තෙන්. කපිලවස්තුව පිහිටලා තියෙන්නෙ ලූම්බිණියට කිලොමීටර 27 පමණ බටහිර පැත්තෙන්. දෙව්දහ නුවරත්, කපිලවස්තුවත් හරි මැදින් වගේ තමයි ලූම්බිණි සල් උයන පිහිටලා තියෙන්නෙ.

දේවදහ කියන ප‍්‍රදේශය අද හඳුන්වන්නෙත් දේවදහ සහ රාම්ග‍්‍රාම් කියලයි. මගේ තිබුන පරණ මොබයිල් එකේ ඔන්න ඔහොම දෙව්දහ කියලා කණුව වැටිලා තිබුනා.

කොහොම වුනත් බෞද්ධයන් හැටියට අපිට බොහොමත්ම වැදගත් තැනක් වුනාට නේපාල ජාතිකයන්ට සහ එම රජයට මෙය තවත් එක් සංරක්‍ෂණය කළ යුතුව තියෙන තැනක් විතරයි. අපේ වන්දනා නඩ නම් මෙතැනට යන්නේම නැහැ. එක් වරක් අපේ කථානායකතුමා ආපු වෙලාවක කපිලවස්තුවටයි, දෙව්දහටයි යන්න මම උදව් කලා. බොහෝ අයට මම මේ ගැන කිවුවත් අවධානය නම් යොමු කරවගන්න බැරිවුනා.

කෝලිය පරම්පරාව ආරම්භ වෙන්නෙ ‘කෝල’ කියලා ගහක් සම්බන්ධ කරගෙනයි. බරණැස හිටපු කුමාරයෙකුට සුව කළ නොහැකි කුශ්ඨ රෝගයක් හැදුන නිසා ඔහුව මෙම කැලයට පිටමං කරලා තියෙනවා. ඔහු ජීවත් වෙලා තියෙන්නෙ මේ දේව්දහ නුවර කිට්ටුව තිබුන ගල් ගුහාවක. මේ අතර වාරයේ දී ශාක්‍ය ජනපදයෙත් මෙවැනිම රෝගයකට ගොදුරු වූ කුමාරිකාවක් මෙම ප‍්‍රදේශයට පිටමං කර තිබෙනවා. කැලේ ආහාර සොයා ගෙන යන බරණැසින් ආපු කුමාරයාට මෙම කුමාරිය හමුවී තිබෙනවා. ඔවුන් කැලේ තිබුන එක්තරා ගහක කොල ආහාරයට ගැනීමෙන් ඔවුනගේ එම කුෂ්ඨ රෝගය සුව වී තිබෙනවා. එම ගහ තමයි ‘කෝල’ නමින් හැඳින්වෙන්නේ. එම නමින්ම කොලිය වංශය ආරම්භ වූ බවට තමයි සැලකෙන්නේ. දැනට මෙම ප‍්‍රදේශයේ පමණක් මෙම කෝල ගස් දැක ගන්නට පුලූවන්. ඒත් ඉතාමත් ස්වල්ප ප‍්‍රමාණයක්. හදා වඩා ගැනීමට ඉතාමත් අසීරු ගසක් ලෙසයි මෙය සැලකෙන්නේ.

මෙතැන ගරා වැටුන විශාල චෛත්‍යයක් තිබෙනවා. මෙය බුදුරදුන්ගේ පිරිනිවීමෙන් අනතුරුව කෝලිය රාජ්‍යයට ලැබුන ධාතුන් වහන්සේලා නිධන් කර සැදු චෛත්‍යය බවට තහවුරු කර තියෙනවා. අශෝක රජුන් බෞද්ධයකු වී වෙහෙර විහාර 84000 ක් සැදීමේ දී බුදුරදුන්ගේ සියලූම ධාතුන් වහන්සේලා එක් තැනකට එකතුකර නැවත බෙදා හැරිය බවයි සැලකෙන්නේ. එහෙත් මෙතැනට අශෝක රජුන් පැමිණෙන විට මෙය කැලෑ සතුන්, නාගයන් සහ යක්‍ෂයන් විසින් ආරක්‍ෂා කල බවත්, එම නිසා අශෝක රජුන්ට ආපහු හැරී යාමට සිදුවූ බවක් පොත පතෙහි සඳහන්.

මම මගේ හිතවතෙක් සමග එකතු වී නේපාල රජයට සැලසුමක් ඉදිරිපත් කලා දෙව්දහ සංවර්ධනය කිරීම පිළිබඳව. එහිදී මගේ නේපාල ජාතික මිතුරා; බෙජනාත් චෛෟදරී, මධ්‍යම කාරක සභික, නේපාල කොන්ග‍්‍රස් පක්‍ෂය, මේ සඳහා ලියවිල්ලක් ඉදිරිපත් කලා. මට එහිදී හරිම අපූරු තොරතුරක් ලැබුනා.

ඒ අනුව, අපේ දුටුගැමුණු රජතුමා මෙතැනට පැමිණ තිබෙනවා. පොත පතෙහි සඳහන් වන ආකාරයට එතුමා පැමින තියෙන්නේ අපේ රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් යන අතරතුරේදී. ඔහු මෙතැනට පැමිණිවිට මෙහි සිටි සියලූම කැලෑ සතුන්, නාගයන් සහ යක්‍ෂයන් ඉවත් වී මෙම චෛත්‍යයේ දොර විවර වී සියලූම ධාතුන් වහන්සේලා දර්ශනය වී තිබෙනවා. අපේ දුටුගැමුණු රජතුමා මෙතැනින් රුවන්වැලි සෑයේ තැන්පත් කිරීම සඳහා අස්ථි ධාතුව රැුගෙන ගොස් තියෙන්නේ සුවිශාල වූ පෙරහැරකින්. මා පසුව තොරතුරු සෙවූ විට පොත් පත් වලින් මෙම තොරතුරු තහවුරු කර ගැනීමටත් හැකි වුනා.

මගේ නේපාල මිතුරා ලිවූ ඉංග‍්‍රීසි ලිපියේ අදාළ කොටසත් බලන්න.

According to scripture of Baudda after the decease of lord Gautam of  Bauddha for doing funeral ceremony of his dead body the taken contemporaries kings Dhatus … magadh, lichhivi of Baisali, shakya, wali of kapilvasti, Brahmin of  Bedadip, Malla of pawa and Liya of Ramgram gathered into this place for doing funeral ceremony the dead body turns into pearl shaped sight   pieces and it was named as Asthi metal. There was debate among the king to get Asthi metal which this Acherya Dorna a royal family member suggested to divide Asthi metal into equal parts and it was divide into eight different parts.

From those Asthi metals eight different Stupas were contracted in respective places patana, katiher, Tilaurakot, Ilahabad, Bhopal, Gorakhpur, kusinagar and Ramgram. Later, Emperor Ashok entered into Buddhism and tried to collect all eight places metal into one place and planned to build Stupa with eighty four thousand. He collected metals from seven different places and arrived to Ramgram to draw Asthi metal But he was incapable to do so because there was panoramic jungle where wild elephants along with Nagraj used to worship this place they did not allow to draw Asthi metal from there. After that witch the inclusion of seven Asthi metal he made 84 thousand Stupas. With the eight different places the remaining place is only Ramgram Stupa.

In reign of shrilanka’s king Tutu Gabhini a make sonna with his penance by conserved the elephants and taken away the Asthi metal and later he again returned this metal it was relieved so. In this place has historical importance so that publishing and developing this integrative development project will be publicize and develop this area with uplifting the communities’ people’s standards.

මෙම ස්ථූපයේ කැණිම් තවමත් ආරම්භ කර නැහැ. මෙහි ඇති ගඩොල් වලට වී පොතු මිශ‍්‍ර කර සාදා තිබීමත් මා දැකපු විශේෂ දෙයක්.

මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ නේපාලයේ කපිලවස්තු නගරයේ ඇති කෝනාගම බුදුහාමුදුරුවන් ඉපදුන ස්ථානයයි. මෙය ලූම්බිණිය වාගේම අශෝක ස්ථම්භයකින් තහවුරු කළ ඇති සථානයක්. දැනට නිකන් කම්බි වැටකින් වට කර ඇති මෙම ස්ථානය පිළිබඳව නිසි ඇගයීමක් නම් වෙලා නැහැ. මම දන්න තරමින් ශි‍්‍ර ලංකාවෙ අය බොහොම අතලොස්සක් තමයි නේපාලයේ බෞද්ධ උරුමයන් සහ තොරතුරු ගැන දන්නෙ. කොහොමත් අපේ වන්දනා කට්ටියගෙනුත් දෙතුන් දෙනෙක් තමයි නේපාලයේ කපිලවස්තුවට තමන්ගෙ නඩ එක්කන් යන්නෙ. බොහෝ දෙනෙක් කියන්නෙ එහෙම එකක් නේපාලයේ නැහැ කියලයි.

මම එක පාරක් එක්තරා සංවිධායකයෙක් එක්ක කථා කරන කොට මිනිහා කිවුවෙ ‘‘අපෝ… එහේ යන්න බැහැනෙ…. එහෙ හමාස් ගරිල්ලොයි, මාවෝ ගරිල්ලොයි ඉන්නවා’’ කියලා. පස්සෙ මම මිනිහට සෑහෙන්න පැහැදිලි කෙරුවට පස්සෙ දැන් ඔන්න යාන්තමින් එයාගෙ නඬේ මේ තැන වලට එක්කන් යනවා. අපේ වන්දනා නඩ ඉන්දියාවෙදි සහ නේපාලයේ දී කරන දේවල් ගැන නම් වෙනම ලිපි ලියන්න පුලූවන්. ඒ තරම් ජරා වැඩ කරනවා. ඒ ගැනත් ලිපියක් ලිවුවොත් හොඳයි. මේ… වෙලාව තමයි ප‍්‍රශ්නෙ.

මෙතැනට මට කලින් වතාවෙ යන්න වුනේ නැහැ. මේ වතාවෙ ගිය නිසා දැන් නේපාලයේ කපිලවස්තුවේ ඇති සියලූම ස්ථාන වලට මම ගිහින් තියෙනවා. මේ සම්බන්ධව ඇති මගේ අනිත් ලිපි දෙකත් කියවලා බලන්න. එතකොට සම්පූර්ණයෙන්ම නේපාලයේ කපිලවස්තුව ගැන තොරතුරු දැන ගන්න පුලූවන්.

1. නේපාලයේ කපිලවස්තුව (මෙතැනින් කියවන්න)

2. සැබෑ කපිලවස්තුව පිහිටියේ නේපාලයේද ? නැතහොත් ඉන්‍දියාවේද? – 01 (මෙතැනින් කියවන්න)

3. ඉන්‍දියාවේ හා නේපාලයේ කපිලවස්තු පුර දෙක අතර ඇති සම්බන්‍ධතාව (මෙතැනින් කියවන්න)

මේ ඡායාරූපය මට ඊමේල් එකකින් හමුවෙච්චි එකක්. මේක දළදා ප‍්‍රදර්ශනයකදී ගත්තු එකක්. මමනම් දන්නෙ නැහැ කොච්චර කාලෙකට ඉස්සරවෙලාද කියලා. මගෙ යාලූවෙක් නම් කිවුවෙ මේක එයා කලින් දැකලා තියෙනවා කියලා සහ මේ ඡායාරූපය එක්දාස් නවසිය විසි ගණන් වල ප‍්‍රදර්ශනය කරපු වෙලාවෙ එකක් කියලයි…… (ඔන්න මම නම් මේක ඡායාරූප ගත කලේ නැහැ)

මම ගත්තු අහඹු ඡායාරූප ටිකක් එකතු කරන්න හිතුනා. මෙවැනි ඡායාරූප ගන්න මම දකින විදිහට කාරණා කීපයක් බලපානවා. පළමුඑක තමයි සෑම විටම සෑම දෙයක් ගැනම අවධානයෙන් සිටීම. දෙවන එක තමයි හැමවිටම ඡායාරූපයක් ගැනීමට සූදානමින් සිටීම. මේ වගේ සත්තුන්ගේ හොඳ ඡායාරූප ගන්නනම් ටිකක් ඉවසීමකුත් අවශ්‍ය වෙනවා. බලන්න…. අදහස් කියන්න…..

ඉහත සියලූම ඡායාරූප මා විසින් ලබා ගත් ඡායාරූප වන අතර අවශ්‍ය වෙනත් දෙයකට භාවිතා කරන්නේ නම් මට දැනුම් දෙනු මැනවි

එක් කලක තිලෝගුරු බුදුපියාණන් වහන්සේ (උන්වහන්සේගේ 79 වන වර්ෂයෙහි) රජගහනුවර ගිජුකුළු පව්වෙහි වාසය කළහ. එසමයෙහි මගධ රට අධිපති වූ අජාසත් රජතුමන් විශාලාවෙහි ලිච්ඡවි රජදරුවන් නසා වජ්ජි රට ජයගනු පිණිස, මගධ දේශයත් වජ්ජි දේශයත් අතර වූ ගංගා නම් ගං ඉවුරෙහි පිහිටි පාඨලී ග‍්‍රාමය මහා බලකොටුවක් සහිත සියලූ නගරාංගයන්ගෙන් පරිපූර්ණ මහා නගරයත් බවට පත්කිරීමට, ස්වකීය ප‍්‍රධාන අමාත්‍යවරුන් වන සුනීධ – වස්සකාර දෙදෙනා යෙදීය. මේ දෙදෙනා අතරින් වස්සකාර නමැති බ‍්‍රාහ්මණ ඇමතිවරයා දිනක් බුදුන්වහන්සේ දැකීමට අවුත් වැඳ එකත්පස් ව හිඳගත්තේ ය. අජාසත් රජු ලිච්ඡවීන් ජය ගැනීමට අර අදින බැව් ඇමතිවරයාගේ කථා බහෙන් වටහාගත් බුදුපියාණන් වහන්සේ, එවේලෙහි තමන් වහන්සේට පවන් සලමින් පසෙක සිටි අනඳ තෙරුන් අමතා, ‘‘ආනන්‍දය , මා මීට පෙර කලෙක ලිච්ඡවීන්ට වෛශාලියේදී වදාළ අපරිහාණීය ධර්ම සත ඔවුන් විසින් තවමත් කඩ නොකොට රකිනු ලබන්නේද?’’ යනුවෙන් විමසා, එසේ රකින බැව් අනඳ තෙරුන් විසින් පැවසූ කල්හි, ‘‘එසේනම් ආනන්‍දය, ලිච්ඡවීන් ඒ අපරිහාණීය ධර්ම හත රකින තාක් පිරිහීමක් කෙසේවත් නොවන්නේ ය’’ යි වදාළ සේක. මෙය අසා සිටි මගධ මහාමාත්‍ය තෙමේ, ආපසු ගොස් මහ රජුට ඒ බැව් දන්වා ලිච්ඡවීන් හා යුධ කිරීම නවතා ලී ය.

මේ බුදුබණ අදත් එදා මෙන් ම ප‍්‍රාණවත් ය. ජීවමාන ය. එහෙයින් අද වුව ද මෙකී අපරිහාණීය ධර්ම හත සුරකින පවුලක් හෝ වේවා, පළාතක් හෝ වේවා, ජාතියක් හෝ වේවා, රටක් හෝ වේවා, කිසිදු ක‍්‍රමයකින් හෝ පිරිහීමකට පත් නො වන්නේ ය. එහෙත් අභාග්‍යයක මහත – අවාසනාවක මහත – මෙතරම් මහාර්ඝ වූ ධර්මානුසනාවන්ගෙන් වසර දෙදහස් පන්සියකට වැඩි කාලයක් රක්‍ෂාවරණය ලද අපේ ජාතිය, බුද්ධාවවාදයන් ගැන අබැටක් පමණ හෝ නොසලකා, තමන් බෞද්ධයන් යයි කියාගනිමින්, බුද්ධපුත‍්‍රයින් යයි කියාගනිමින්, අද වන විට අන්තයට ම පිරිහී ඇති අයුරු කෙතරම් සංවේගදායකද? එදා බුදුන්වහන්සේ වජ්ජීන්ට දේශනාකොට වදාළ අපරිහාණීය ධර්ම හෙවත් නොපිරිහෙන ධර්ම සත මෙසේ ය.

1.    නිරතුරුව ම පාහේ මනා සහභාගිත්‍වයකින් රැස්වීම් පැවැත්වීම
2.    සමගිව රැස් ව හිදීම, සමගිව නැගිටීම හා සමගිව කටයුතු කිරීම
3.    නොපැනවූ අණපනත් නොපැනවීම, පැනවූ නීති කඩ නොකොට රැකගැනීම, පෞරාණික වජ්ජි ධර්ම පිළිගෙන ඒ අනුව පැවතීම
4.    වැඩිමහල්ලන්ට ගරුබුහුමන් කිරීම, ඔවුන්ගේ වචනයට ඇහුම්කන් දීම
5.    ඒ ඒ කුලස්තී‍්‍රන් හා කුලකුමරියන් තමතමන් වෙත වාසයට නොපැමිණවීම
6.    පරම්පරාගත ව ධාර්මික පූජාවෙන් සිද්ධස්ථානයන්ට දේවාල ආදියට එකී පූජා කඩ නොකොට පවත්වාගෙන යාම
7.    දක්‍ෂිණාර්හ වූ මහණ බමුණන් නිසි ලෙස රැකබලා ගැනීම

මෙය බුදුන්වහන්සේ විසින් වජ්ජි රට ලිච්ඡවීන් උදෙසා දේශනා කොට වදාළ දහමක් වුව ද, බුදුබණ සර්වව්‍යාපී හා සර්වකාලීන දහමක් හෙයින්, එය ලෝකයේ  ඕනෑම රටකට,  ඕනෑම ජාතියකට,  ඕනෑම සමාජයකට අදටත් සාධාරණ ය. අප ජාතියක් වශයෙන් පිරිහුණේද මෙකී අපරිහාණීය ධර්ම ආරක්‍ෂා කර නොගත් හෙයිනි. ඉහත කී අපරිහාණීය ධර්ම එකින් එක ගෙන බැලූවහොත් මෙසේ විස්තර කළ හැක.

1 හා 2 අපරිහාණීය ධර්මයන්

පළමුවැනි අපරිහාණීය ධර්මය නම් නිතර රැස්වීම ය. මෙහිදී රැස්වීම් යනුවෙන් අදහස් කෙරෙනුයේ කඩපිල්, සූදුපිටි, තැබෑරුම් හා සල්පිල් ආදියට එකතු වී, කාලය කා දමමින් අන්‍යයන්ගේ  ඕපාදුප කියාපෑම නොවේ. යම්කිසි කාරණයක්, කටයුත්තක් අවශ්‍ය හා කළයුතු දෙයක් ලෙස එළඹ සිටි විට, පවුලක හෝ ගමක හෝ විහාරස්ථානයක හෝ පාසලක හෝ සමිතියක හෝ සාමාජිකයින්, පුද්ගලයින් එක්රැස් ව, පී‍්‍රතිමත් මුහුණින් යුතු ව ඔවුනොවුන් දෙස බලමින්, කුදුමහත් කටයුතු පිළිබද ව සාකච්ඡා කිරීම යි. පෙර අප ගම්වල, පවුල්වල, පන්සල්වල ගොවිතැන් බත්, වන්‍දනා ගමන්, මගුල්තුලා, පින්කම්, අවමගුල් ආදී සමාජ ජීවිතයට අවශ්‍ය හැම දෙයක් ම ඉතා යහපත් ව කරකියා ගත්තේ, එක්රැස් වී සමගියෙන් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීමෙනි. මෙකී පළමුවැනි අපරිහාණීය ධර්මය හොදින් තේරුම්ගත හැක්කේ දෙවැන්නත් සමග විග‍්‍රහ කර බැලීමෙනි. දෙවැනි අපරිහාණීය ධර්මය සමගිව රැස්ව හිදීම, සමගිව නැගී සිටීම හා සමගිව කටයුතුවල යෙදීම යි. පවුලක් වශයෙන් හෝ ගමක් වශයෙන් හෝ සමිතියක් වශයෙන් හෝ සමාජයක් වශයෙන් හෝ සහෝදර පිරිසක් වශයෙන් හෝ නොපිරිහී දියුණුවන්නට නම්, ඒ පිරිසේ සමගිය, සමාදානය, එකීයභාවය, සුහද හැගීම, හිතවත්කම හා ඔවුනොවුන් කෙරෙහි ඇති විශ්වාසය යනාදිය ඔවුන් තුළ පැවතිය යුතු ප‍්‍රධාන ම ගුණධර්ම බැව් මෙයින් වැටහෙනවා ඇත. පොල්කෙන්‍ද වූ කලී ශක්තියක් නැති යමකි. එහෙත් පොල්කෙදි රාශියක් සමගි ව එකට එතී කඹයක් බවට පත්වූ විට එහි ඇති ශක්තිය ගැන කියනුම කවරේද? වේයන් සමගියෙන් එක්රැස් ව එකා මෙන් කටයුතු කොට වැඩෙහි යෙදී මහත් වූ තුඹස් ගොඩනගන අයුරු, මීමැස්සන් සමගි ව එකා මෙන් වැඩ කොට රසවත් මී පැණි සාදන අයුරු, කඩියන් කුහුඹියන් දිමියන් සමගි ව එක්රැස් ව එකා මෙන් තම සිරුරු මෙන් දහස් ගුණයක් විශාල මළකුණු ඇදගෙන යන අයුරු, දියබිදු එකට එක් ව නදියක් වී ගලන අයුරු, වැලිකැට සමගි ව එක්රැස් ව මහාපොළොවක් ව පවත්නා අයුරු අපි මහා හඩින් ශබ්ද නගා කියමින්, සමගියේ ඇති අපරිමිත අතුල්‍ය ගුණය, ශක්තිය, බලය හා වේගය වර්ණනා කරමු. එහෙත් අපේ පිරිහීමට මූලික හේතුව ව වී පවතින්නේත් අප තුළ ඇති අසමගිය යි. භේදවීම යි. අන්‍ධකාරයෙහි ආලෝකයක් නොමැතිවාක් මෙන් ම, භේදයක් ඇති තැනක, භේදය ඇති පිරිසක් තුළ පැවැත්මක් ද නොමැත. විශ්වාසයට මුහුණ පෑ හැක්කේ කෙසේද යන්න පිළිබද ව අප පළමුවෙන් ම පවුලක අඹුසැමියන් ගෙන බලමු. මේ අඹුසැමි දෙදෙනාගේ පී‍්‍රතිය හා සැපත පවතින්නේ ඔවුන්ගේ අවංක බව හා හිතවත්කම මත නොවේද? සමගිය මත හා විශ්වාසය මත නොවේද? රටට වැඩ ඇති, ආගමට වැඩ ඇති, සමාජයට වැඩ ඇති දුදරුවන් බිහිවන ආයතනය, සමගි සම්පන්න මව්පිය දෙපළක් සිටින නිවස යි. මව්පිය දෙපොළ පී‍්‍රතියෙන් සිනාසෙමින් එකිනෙකාට පේ‍්‍රමයෙන් සෙනෙහසින් කථාබහ කරමින් අවංක විශ්වාසයකින් නිවසෙන නිවසක උපත ලබා ඇති දුදරුවෝ, මේ මගුල් සක්වළ තුළ දිනූ මහා වාසනාවන්තයෝ වෙති. ඇතැම්විට ඔවුනට උළු මාලිගා හිමි නොවන්නට පුළුවන. කසී සළු රන්මිණිමුතු නොමැති විය හැක. නවීන පන්නයේ සුඛෝපභෝගී යානවාහන නැතිවන්නට පුළුවන. එහෙත් සමගි සමාදානය, අන්‍යෙන්‍ය විශ්වාසය, ආදරය, පේ‍්‍රමය, සෙනෙහස, දයාව හා කරුණාව ආදිය ඔවුන් තුළ පවතී නම්, කටුමැටි ගසා කොළ සෙවිළි කළ දිරාපත් පැල්පත වුවද ඔවුනට මහා මාලිගයකට වඩා සැපවත් ය. කටුක ආහාරය වුවද රජ බොජුනකට වඩා රසවත් ය. පොල්පිතිවලින් තැනූ කබල් මැස්ස වුවද, පොල් අතු පැදුර වුවද කොදු පලසකට වඩා සැපවත් ය. ගොරෝසු කදාර් වස්ත‍්‍ර පවා කසී සළුපිළිවලට වඩා සනීපදායක ය. ඔවුන් අතර හැදෙන වැඩෙන නිර්වස්ත‍්‍ර දිළි`දු දරුවා පවා, අසමගියෙන්, අවිශ්වාසයෙන් හා ක්‍රෝධයෙන් ගහබැණ ගන්නා මහා ධනවත් සිටු ගෙදරක දෙමව්පියන්ගේ දරුවෙකුට වඩා අතිශයින් ම වාසනාවන්ත ය. මෙකී වාසනාව උත්පත්තියෙන් ම ලත් සිංහල දරුවන් කී දෙනෙක් අද ලංකාවේ සිටිත්ද? පර්යේෂණ කළයුත්තේ මේවා සෙවීම පිණිස ය. කොමිෂන් සභා පත්කළ යුත්තේ මේවා සෙවිම පිණිස ය. දරුවන්, අපේ බාල පරපුර , තරුණ පරපුර අපරාධකරුවන් වන්නේ කවර හේතු මතදැයි සොයා බැලූ විට, ඊට මූලික හේතුව මවිපිය දෙදෙනාගේ අසමගිය හා අවිශ්වාසය බැව් එදාට හෙළිවනු ඇත. අපේ ඇතැම් මිනිසුන් ගිහි සැප සොයන්නේ මිල මුදල් මත ය. වතුපිටි යානවාහන විසිතුරු දෙමහල් මාලිගයක, එසේත් නොමැති නම් නමට මුලින් හෝ අගින් ඈදාගත් උපාධි නම්බුනාම ලැයිස්තුවක ය. එසේත් නැත්නම් ලබාගත් තනතුරු – පදවි – නිලතල සමූහයක් තුළ ය. එහෙත් අවිශ්වාසය, ඊර්ෂ්‍යාව, කුහකකම, බලකාමය, ක්‍රෝධය හා පලිගැනීම රජකරන සිත්වලින් යුත් මෙම මිනිසුන් ගිහි සැපතෙහි රශ්නයවත් නොවිඳ, වයස් ගත වනතුරු දුක්බර දිවියක් ගෙවා දුකින් හඩ හඩා මියගිය පසුව ද දුකට ම පැමිණෙන අයුරු සිතාගත හැක.

සමගිය පැවතිය යුත්තේ ගිහියන් අතර පමණක් නොවේ. මහා සංඝරත්නය අතර ද සමගිය පැවතිය යුතු ය. සුඛා සංඝස්ස සාමග්ගී යනුවෙන් සංඝයාගේ සමගිය සැපතකැයි බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙයිනි. සංඝ සමාජය බබළන්නේ ඔවුනොවුන් දෙස පි‍්‍රය මුහුණෙන් බලමින්, වාදභේදයන්ගෙන් තොර ව, කුල මල කියා නොගෙන, වාග් ප‍්‍රහාරයන්ගෙන් එකිනෙකාට බැණ නොගෙන, එකිනෙකාගේ අඩුපාඩු කියා නොගෙන සමගියෙන්, සමාදානයෙන්, පි‍්‍රයභාවයෙන් සිටින තාක් කල් පමණි. බුදුන්වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට උපදෙස් දුන්නේ කිරි හා වතුර මෙන් වෙන් කළ නොහැකි (ඛීරෝදක භූතො) අයුරින් සමගියෙන් එකට බැදී සිටින ලෙස යි. කිරිත් වතුරත් මිශ‍්‍ර වූ පසු ඒ දෙක වෙන් කළ නොහැක. එසේ ම සමගිදමෙන් එකට බැදුණු සංඝයා ද වෙන් කළ නොහැක. යමෙකු සංඝයා භේද කිරීමට තැත් කරන්නේ නම් එය බරපතළ පාපයකි. පංචානන්තර්ය පාප කර්මයන් යටතේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, තථාගත සිරුරෙහි ලේ සෙළවීම යන කරුණු හතරට වඩා බරපතළ ම පාප කර්මය වන්නේ සංඝයා භේද කිරීම යි. එසේ භේද කිරීමට හැක්කේ ද උපසපන් භික්‍ෂුවකට පමණකි. එහි විපාක කෙතරම් බරපතළද යන්න දේවදත්ත තෙරුන්ගේ කථන්දරයෙන් සිතාගත හැක. එසේ ම සමගියෙන් සිටි සංඝයා වහන්සේ දෙනමක් කේලාම් කියා භේද කළ තවත් භික්‍ෂුවක්, කල්පයක් කල් නිරයේ පැසී දැනටත් පේ‍්‍රත ව ඉපිද මුහුණ කුණුවී දුක් විදින අයුරු (පිසුණු කියා සග දෙනමක් භේද කොට – පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට, මුහුණු කුණුව………) ලෝවැඩ සගරාව කියවන කුඩා ළමයින් පවා දන්නා කරුණකි.

භේද වූ සංඝයාගේ බැබළීමක් නොමැත. බැබළීමක් තබා ප‍්‍රාණවත් බවක් හෝ නැත. අපේ සංඝ සමාජය තුළ වාද භේද අඩුපාඩු දුරලා එකා මෙන් සමගියෙන් සමාදානයෙන් එක ම නායකත්‍වය වූ ධර්මය ගුරු තන්හි තබාගෙන කටයුතු කළහොත්, ශී‍්‍ර ලංකාවේ වැඩ වසන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ බලය අසීමිත වනු ඇත. දෙව්බඹුන් උන්වහන්සේලා ළග දණ නමනවා ඇත. විහාර පන්සල් දායක පිරිස් බැබළෙන්නට පටන්ගන්නවා ඇත.

3 වන අපරිහානීය ධර්මය

බුදුන් වහන්සේ තුන්වන අපරිහාණිය ධර්මය වශයෙන් දේශනා කොට වදාළේ නොපැනවූ නීතිරීති නොපැනවීම මෙන් ම පැනවූ නීතිරීති කඩ නොකොට රැුකීම යි. මෙයට හොද ම උදාහණයක් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ව පළමුවැනි ධර්ම සංඝායනාව හා ඉන් අනතුරු ව උදා වූ වකවානුව ඇසුරෙන් දැක්විය හැක. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද පිළිබද ව සාකච්ඡා වූ අවස්ථාවේ, ඉතා කුඩා ශික්‍ෂාපද කඩකළ හැකි බැව් බුදුන්වහන්සේ විසින් වදාරා තිබුණද ඒවා මොනවාදැයි නිසි අයුරු පැහැදිළි නොවූ හෙයින් සියලූ ම ශික්‍ෂාපද ඒ අයුරින් ම පිළිපැදීමට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, උපාලි මහ රහතන් වහන්සේ, ආනන්‍ද මහ රහතන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය තීරණය කළහ. එය පැණවු නීතියක් නොවේ. විනය නීතියකි. බුදුන් වහන්සේ කිසිවිටකත් නීති පනවා නැත. විනය නීති වූ කලී මහා සංඝයා වහන්සේලා විසින්, මහා සංඝයා වහන්සේලා උදෙසා, මහා සංඝයාගෙන් ම සැදුම්ලත් කණ්ඩායමක් විසින් පිළියෙළ කරන්නකි. බුදුන් වහන්සේ විනය ශික්‍ෂා හදුන්වා දෙන ලද්දේ සංඝයා වහන්සේලාගේ යහ පැවැත්මත්, සංඝ සමාජයේ තිර පැවැත්මත්, දිවිගෙවීම පහසුවීම, නොපැහැදුනවුන්ගේ පැහැදීම, පැහැදුනනුන්ගේ වැඩි පැහැදීම ආදී කරුණු රාශියක් නිසා ය. එහෙත් උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ව අද වනවිට වසර දෙදහස් පන්සිය ගණනක් ගෙවී ගියත් , භික්‍ෂූන් වහන්සේලා විසින් එකී විනය ශික්‍ෂාවන්ට සංශෝධන ඉද්රිපත් කර නැත. එක්තරා අවස්ථාවක දුසිල් භික්‍ෂූන් සමූහයක් විසින් දස අකැප වස්තු කැප යයි හදුන්වා දුන් විට, ඒවා ද විනය විරෝධී වස්තු වශයෙන් භික්‍ෂූන් වහන්සේලා විසින් ම ඊළග සංඝායනාවේදී තීරණය කළහ. එසේ ම බුදුන්වහන්සේ විසින් නොපණවන ලද කිසිදු නීතියක් සංඝයා වහන්සේ විසින් මේ දක්වා පනවා නැත.

මේ අපරිහාණීය ධර්මය කඩකරන පවුලක්, සමාජයක්, ජාතියත් හෝ රටක් ඇත්නම් ඒ අය ඇස් ඉදිරියේ ම පිරිහී යන බැව් ලෝකය දෙස වුවමනාවෙන් බලාසිටින  ඕනෑ ම අයෙකුට පෙනේ. නීතියට සැමදෙනා ම ගරු කළ යුතු ය. මහරජතුමා වුවද ගෞරව දැක්විය යුතු ය. දුප්පත්කම – පොහොසත්කම, දැනහැදුනුම්කම, හිතවත් කම – අහිතවත්කම ආදිය අනුව නීතිය වෙනස් කරගන්නා අය පිළිබද ව අපට නිතර ඇසේ. පෙනේ. අප රටේ නොයෙකුත් තරාතිරම්වලට අයත් පිරිස විසින්, නීතිය පිළිබද ව කිසිදු තැකීමක් නොකොට නීති කැඞීමත්, නීතිවිරෝධී කි‍්‍රයාවන්හි යෙදීම හපන්කමක් ලෙස සලකා කි‍්‍රයා කිරීමත්, දකින්නටත් අසන්නටත් ලැබේ. දඩුවම් ලැබිය යුතු අපරාධ ගණයට වැටෙන නීතිත්, සාමාන්‍ය රටවැසියාගේ පොදු නිදහස සහ යහපත උදෙසා රැුකිය යුතු නීතිත් සමාජයක පවතියි. හැදුණු , ශීලාචාර මිනිසුන් වශයෙන් සැලකෙන්නේ මේ අංශ දෙකට ම අයත් නීති – රීති, සම්ප‍්‍රදායන් ගරු කරන , ඒවා කඩ නොකරන පිරිස යි. මනුෂ්‍ය ඝාතනය, ස්තී‍්‍ර දුෂණය, සොරකම, සුරා පෙරීම – විකිණීම ආදිය අපරාධ ගනයට වැටෙන ඒවා ය. රටක නීතියක් ඇතත් නැතත්  ඕනෑම රටක ශීලාචාර මිනිසුන් මෙකී වැරදි නොකරන බව කිව යුතු ය.

නීතිය සෑම දෙනෙකුටම සමාන විය යුතු ය. එසේම සෑම දෙනෙක්ම නීතිගරුක විය යුතු ය. නීතිගරුක වීම, විනය ගරුක වීම හැදුණු මිනිසෙකුගේ ශීලාචාර ගතියකි, ශිෂ්ඨ ධර්මයකි.

4 වන අපරිහාණීය ධර්මය

වැඩිමහල්ලන්ට ගරුබුහුමන් කිරීම සහ ඔවුන්ගේ වචනයට ඇහුම්කන් දීම සිවුවැනි අපරිහාණීය ධර්මය වශයෙන් බුදුරජාුණන් වහන්සේ විසින් දක්වා වදාරා ඇත. ගිහි-පැවිදි හැම කෙනෙකු විසින් ම මෙම ගුණධර්මයෙන් බොහෝ ඈත්වී සිටින බව වර්තමාන සමාජය දෙස විමසිල්ලෙන් බැලීමෙන් පෙනී යයි. කුලදෙටුවන් පිදීම, වැඩිමහල්ලන්ට සැලකීම, ඔවුන්ගේ වචනයට අවනත වීම, ඇහුම්කන් දීම මිනිසෙකු දේවත්‍වයට පත්කරවන සප්තවෘත ධර්මයන්ගෙන් එකක් බැව් ධම්මපදයෙහි මහාලී වස්තුවෙහි ද දක්වා ඇත. වයෝවෘද්ධ, තපොවෘද්ධ, ඥානවෘද්ධ වැඩිහිටියන්ට නිතර ගෞරවාදර දැක්වීම, වැදුම් පිදුම් කිරීම, මිනිසෙකුගේ ආයුෂය, ශරීර වර්ණය, සැපය හා බලය යන ධර්ම හතරක් වැඩිකරවන මහගු පිින්කමක් බව ‘‘අභිවාදනසීලිස්ස – නිච්චං වද්ධාපචායිනො, චත්තාරො ධම්මා වඞ්ඪන්‍ති – ආයු වන්ණො සුඛං බලං’’ ලෙස ධම්මපදයේ ආයුවර්ධන කුමාරයාගේ කථාවෙන් පෙන්වා දී ඇත. පිදිය යුත්තන් පිදීම මංගල කරුණක් වශයෙන් ද දහමෙහි දක්වා ඇත.

කරුණු මෙසේ වුවද වර්තමාන ශී‍්‍ර ලාංකික සමාජයේ බොහෝදෙනාට මෙම ගුණධර්ම බමුණු මත බැව් පෙනේ. වැඩිහිටියන්ට තබා මව්පියන්ට වැදීම, ගුරුතුමාට ගුරුතුමියට ආචාර සමාචාර කිරීම ආදිය සමාජයෙන් බොහෝදුරට ඈත්වී ඇත. උසස් අධ්‍යාපනය ලබන ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් තුණුරුවන් වැදීම පවා සිනහවට, අපහාසයට හා උපහාසයට ලක් කරන අවස්ථා නැතුවා නොවේ. යකඩ දාගිය ගෙයි පුළුන් සෙවීම විහිළුවකි. එසේ ම උසස් තැන්වල තත්‍වය පෙර කී අයුරින් නම්, අපේ දුප්පත් සමාජය ගැන කියනුම කවරේද?

එහෙත් අප එක් කරුණක් වටහාගත යුතු ය. ධර්මයේ ශක්තිය අන් හැම ශක්තියට ම වඩා විශාල ය. ධර්ම කරුණු ලොව කිසිවෙකුටත් වෙනස් කිරීමට නොහැක.

5 වන අපරිහාණීය ධර්මය

ඒ ඒ කුලස්තී‍්‍රන් හා කුලකුමරියන් බලහත්කාරයෙන් තමතමන් වෙත වාසයට නොපැමිණවීම, පස්වන අපරිහාණීය ධර්මය ලෙස බුදුන්වහන්සේ විසින් දේශනා කොට වදාරා ඇත. මෙයින් අදහස් කළේ කුමක්ද? මව්වරුන්ට මෙන්, සහෝදරියන්ට මෙන්, දියණිවරුන්ට මෙන් ස්තී‍්‍ර පක්‍ෂයට සැලකීමට මෙන් ම, බහුභාර්යා සේවනයෙහි ඇති වැරදි ගැන මෙනෙහි කොට, ඉන් වැළකී සැබෑ අඹුසැමි පේ‍්‍රමයකින් යුතු ව කටයුතු කිරීම යි. එකල දඹදිව සමාජය විසින් ස්තී‍්‍රන්ට සැලකුවේ පුරුෂ පක්‍ෂයේ පරිභෝජනයට පහළ වූ සිත්පිත් නැති වස්තුවකට මෙනි. බලය, ධනය හා ශක්තිය ඇති පිරිස් රූමත් කුලකුමරියන් සියගණන් ගෙන්වා, අන්තඃපුර තුළ සිරකරගෙන උත්පත්තියෙන් ම ස්තී‍්‍රන්ට හිමි නිදහස පවා අහිමි කරමින්, අතිශයින් නින්‍දිත අයුරින් ජීවත්වූ බැව් නොරහසකි. වර්තමාන සමාජයේ ද ධනය හා බලය ඇති ඇතැම් පිරිස් අසරණ අහිංසක දැරියන් රවටා තමන්ගේ අවශ්‍යතාවයට ලක්කර ගනිති. දැරියන් දුෂණය කරති. ඇතැම් අය තමන්ගේ දියණියගේ වයසේ දැරියන් පවා කී‍්‍රඩා භාණ්ඩ වශයෙන් සලකමින් කෙලෙසති. ධනය හා බලය යොදාගනිමින් නීතියේ රැහැණින් ද ගැලවෙති.

පුද්ගලයෙකුට සහෝදර සහෝදරියන් හත්අට දෙනෙකුට, දරුවන් දහ පහළොස් දෙනෙකුට, ශිෂ්‍ය ශිෂ්‍යාවන් කීප දෙනෙකුට එක වර ආදරය කළ හැක. ඒවායේ යම් යම් උස් පහත් මට්ටම් ඇතත්, මූලික වශයෙන් ආදරය දැක්වීමට, හිතවත්කම් දැක්වීමට එය බාධාවක් නොවේ. එහෙත් කිසිදු පුරුෂයෙකුට එකවර බිරියන් කීපදෙනෙකුට පේ‍්‍රම කළ නොහැක. එසේ ම කිසිදු ස්ති‍්‍රයකට එකවර ස්වාමිපුරුෂයින් කීපදෙනෙකුට පේ‍්‍රම කළ නොහැක. එසේ පේ‍්‍රම කිරීමට තැත්කළ හොත් එහිදී ඇතිවන්නේ ගිහිගෙයක් නොව ගිනිගෙයකි. සැනසිල්ලක් නොව වැනසිල්ලකි. සාමයක් සමාදානයක් නොව කලකෝළාහලයකි. එබදු නිවෙස්වලින් සිරිදේවිය පලා ගොස් මූදේවිය ඒවාට පදිංචියට එයි. එහෙයින් ගිහි ජීවිතය සැපවත් විමට නම්, බිරියගෙන් පතිවෘතාව අපේක්‍ෂා කරන සැමියා ද, රටේ දකින දකින රූමත් කාන්තාවන් ට ආලය පුදමින් අනියම් සබදතාවන් ඇතිකර නොගනිමින්, පිරිසිදු ජීවිතයක් ගත කළ යුතු ය. සිය දහස් ගණන් අසරණ අහිංසක තරුණියන් සිය අන්තඃපුරයට ගෙනවුත් ඔවුන්ගෙන් පතිවෘතාව අපේක්‍ෂා කළ පැරණි ධනවතුන් කෙරෙහි එකී ස්තී‍්‍රන් තුළ පවතින්නට ඇත්තේ පේ‍්‍රමයක් නොව, ඊර්ෂ්‍යාවෙන් පලිගැනීමේ චේතනාවෙන් මුවහත් වූ දැඩි බියකි. එබදු සමාජයක ජීවත් වූ අඹුසැමියන් අතර නිරන්තරයෙන් එකිනෙකා කෙරෙහි අවිශ්වාසය හා සැකය පවතින්නට ඇත. එකල ස්තී‍්‍රන් ජීවත්වන්නට ඇත්තේ බලවත් සිත්තැවුලින් බව ද උපකල්පනය කළ හැක.

6 වන අපරිහාණීය ධර්මය

බුදුන්වහන්සේ සයවැනි අපරිහාණීය ධර්මය වශයෙන් දේශනාකොට වදාළේ පරම්පරාගත ව හෝ පාරම්පරික ව පූජාවන් පිදු සිද්ධස්ථානයන්ට, දේවාලයන්ට එකී පුදපූජා කඩ නොකොට දිගට ම පවත්වා ගෙන යාම යි. මිනිසාගේ දියුණුවට, ඉදිරි ගමනට, ප‍්‍රගතියට ආගම් බාධාවකැයි සමහර පිරිස් අතර මතයක් පවතින බැව් නොරහසකි. භාරත දේශයයේ අදටත් ආගම් හා බැදුණු ගතානුගතික වූ, අශ්ලීල වූ, සිරුරට දුක්දීමේ එවන් සමහර චාරිත‍්‍රවිධි ද දක්නට ලැබේ. අනෙකුත් ආගම්වලට අයත් සදොස් කි‍්‍රයා පිළිවෙත් ද තිබිය හැක. එහෙත් සැබෑ බුදු දහම වූ කලී මිනිසාගේ ප‍්‍රගතියට ඉදිරි ගමනට විනා මිනිසා ප‍්‍රගතිගාමීත්‍වයට ඇද දමන්නක් නොවේ. බුදුදහමින් මිනිසා සෑම අතින් ම සැහැල්ලූ දිවිපැවැත්මක් කරා යොමු කරයි. චාම් ජීවිතයකට පුරුදු කරයි.

7 වන අපරිහාණීය ධර්මය

දක්‍ෂිණාර්හ වූ මහණ බමුණන් හොදින් රැකබලා ගැනීම සත්වැනි අපරිහාණීය ධර්මය වශයෙන් සදහන් ව ඇත.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නට පෙර වුවද මිනිසා කවර හෝ ආගමක් ඇදහීමට පුරුදු ව සිටියේ ය. එකී ආගම්වලට අයත් පූජක පක්‍ෂය එකල ද ඒ ඒ දේශයන්හි විසූහ. ශිෂ්ට පාලකයෝ හා යහපත් මිනිස්සු ආගම කුමක් වුවත් ආගමික පූජක පක්‍ෂයට මැනවින් සැලකූහ. අනුරාධපුරය ස්වකීය රාජධානිය කරගනිමින් රට පාලනය කළ පණ්ඩුකාභය නරනාථයන් විසින් එකල විසූ නිගන්ඨයින්, පිරිවැජියන් හා තවුසන් ආදීන් උදෙසා නුවරින් බැහැර අසපු කරවා දී ඔවුන්ට නිදහසේ කල් ගෙවිමට සලස්වා, ඔවුන් රැකබලා ගත් බැව් මහාවංශයේ සදහන් වේ. සුද්ධෝදන මහ රජතුමා සිය උයනෙහි වාසය කළ අසිත තාපසයින්ට මහත් ගෞරවාදරයෙන් උවටැන් කළහ. බුදුන්වහන්සේගේ දායකයින් වූ කෝසල බිම්බිසාර ආදී රජවරු සිය නුවරවල විසූ නිගණ්ඨ, පරිබ‍්‍රාජක ආදී බාහිර පැවිද්දන්ට රැකවරණය ලබාදුන්හ. අපේ සිරිලක් බිමේ මහනුවර බෞද්ධ රජවරු  ඕලන්‍දක්කාරයින්ගේ තාඩන පීඩන හමුවේ මහනුවරට පළා ආ කතෝලික පූජකවරුන්ට රැකවරණ සැලසූහ. ආගම කුමක් වුවත් ආගමික පූජකවරුන්ට ශිෂ්ට සමාජයක පාලකයින් හා මහ ජනතාව ගෞරව දැක්වීම පොදු ලක්‍ෂණයකි.

එහෙත් අද දක්නට ලැබෙන ඉතාමත් කණගාටුදායක සිද්ධිය නම් ඇතැම් පිරිස් විසින් අප රටේ ජීවත්වන විවිධ ආගමික පූජ්‍ය – පූජක පක්‍ෂයට අස්ථානයේ චෝදනා කරමින් ගැරහීම යි. සියලූ ම ආගම්වලින් අපේක්‍ෂා කරන්නේ එකම නිවන හෝ ස්වර්ගය හෝ නොවේ. බුදුදහමේ පූජක පක්‍ෂයක් නැත. පූජක පක්‍ෂය යනු දේවවාදී ආගම්වල දෙවියන් හා අනුගාමිකයින් අතර සිටින අතරමැදි තැනැත්තන් ය. ආගම් භක්තිය පදනම් කොට ඇත. එහෙත් බුදුදහම ආගමක් නොවේ. එහි මූලිකත්‍වය ලබන්නේ දෙවියන් නොව මිනිසා ය. එහි ඇත්තේ ශ‍්‍රද්ධාව මිස භක්තියක් නොවේ. බුදුදහමේ පූජක පක්‍ෂයක් නැත. ඇත්තේ පූජ්‍ය පක්‍ෂය යි. එනම් පූජාවට සුදුසු, වැදුම් පිදුම් ලබන පක්‍ෂය යි. එහෙත් බුදුදහම කිසිවිටකත් වෙනත් ආගම් සැහැල්ලූවට ලක් නොකරයි. පහත් කොට නොසලකයි. බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයේ උන්වහන්සේ ඇතැම් විට වෙනත් ආගමික නායකයින්ගේ අසපුවලට ගොස්, ඔවුන් සමග සුහද ව කථාබස් කළ අයුරු සූත‍්‍ර පිටකයෙහි විවිධ ස්ථානයන්හි දක්නට ඇත. එසේ ම වෙනත් ආගම්වලට අයත් පූජක පක්‍ෂයේ බොහෝ පිරිස් තුළ මෙම ලක්‍ෂණය නිසා ම බුදුන් වහන්සේ කෙරෙහි විශාල ගෞරවයක් පැවතුණ බව ද නොරහසකි.

අපේ බෞද්ධ පිරිස් අතර ලොකුම පිරිහීමේ හේතුව වශයෙන් මා දකින්නේ මහණ බමුණන්ට පොදුවේ ගැරහීම යි. භික්‍ෂූන් වහන්සේලා අතර ද අපමණ අඩුපාඩු වැරදි පැවතිය හැක. එහෙත් එය ඒ ඒ පුද්ගලයින් විෂයෙහි මිස පොදුවේ භික්‍ෂු සමාජයේ අඩුපාඩුවක් නොවේ. වරදක් නොවේ. බුද්ධ කාලයේ පවා භික්‍ෂූන් අතර බරපතළ වැරදි කළ දුසිල් මහණුන් සිටි බැව් විනය පිටකයේ චුල්ල වග්ගයේ දැක්වෙන කථන්දර අනුව පෙනේ. ඒවා කියවූ පසු වර්තමාන භික්‍ෂුව කොතරම් සංවරද කෙතරම් විනයගරුකද යන්න මනා ව අවබෝධ වනු ඇත. වර්තමාන භික්‍ෂූන් අතර යම් යම් අඩුපාඩු ඇත්නම්, එම තත්‍වයට භික්‍ෂුව ඇද දැමුවේ කවුරුන්ද යන්නත් අප විසින් සොයා බැලිය යුතු ය. භික්‍ෂුවකට දානයක් පවා නොදෙන අයයි මෙවන් දෝෂාරෝපණ නගන්නේ. එසේම තමන්ට ආවැඞීම, තම පක්‍ෂයට උදව් උපකාර කිරීම, තම දේශපාලන රැස්වීමේ අසුන් ගැනීම, තමන්ට පක්‍ෂ ව කථා කිරීම ආදියෙහි යෙදෙන භික්‍ෂුව නූගත් වුවත්, දුශ්ශීල වුවත් ඔහු ගැන වර්ණනා කරන ඇතැම් දේශපාලනඥයින් එසේ තමන්ට ආවැඞීම ආදියෙහි නොයෙදෙන භික්‍ෂූන් වහන්සේලා කොපමණ උගත් වුවත්, සිල්වත් වුවත් ඉතා පහත් කොට සලකා, නින්‍දාවට අපහාසයට ලක් කරන බැව් ද සදහන් නොකිරීම අඩුපාඩුවක් ලෙස පෙනේ.

එහෙත් සිරිලක්බිමේ සිංහල බෞද්ධයාට සිංහලයෙකු වශයෙන් බෞද්ධයෙකු වශයෙන් කෙදිනක හෝ භික්‍ෂූන් වහන්සේගෙන් වෙන් ව සිටිය නොහැක.

පූර්වෝක්ත සප්ත අපරිහාණීය ධර්ම ලිච්ඡවීන්ට දේශනා කර ඇති නමුදු අද ජීවත්වන ලෝකවාසී බෞද්ධ අබෞද්ධ ජනතාවට ද මනා ව පිළිපැදීම මගින් මහගු ප‍්‍රතිඵල අයිතිකර ගත හැකි ධර්ම පර්යායක් බැව් අවසාන වශයෙන් අවධාරණය කරමු. බුදුවරුන් සිදුකරනුයේ කාලයේ වැල්ලෙන් වැසීගිය අප‍්‍රකට ව පවත්නා ධර්ම කරුණු ලොවට හෙළිකර දීම යි. අරළු, බුළු, නෙල්ලි ආදියේ ඇති යම් ගුණයක් වේ නම්, ඒ ගුණය පවතිනුයේ ඉසිවරයින් විසින් ඒ බැව් කියා ඇති නිසා නොවේ. ඉසිවරයින් කළේ ඒ ඖෂධයන්හි ඇති බලය ලොවට විදහා දැක්වීම යි. ඖෂධයන්හි ඇති ශක්තිය කවදාටත් පවතින්නේම ය. එමෙන් ම ධර්ම බලය සදාතනික ව ලොවෙහි පවතී. ධර්මාවබෝධය යනු පවත්නා දෑහි තතු යථා ස්වභාවයෙන් එනම් ඇති සැටියෙන් දැකීම යි.

(පොත පත  ඇසුරින් සකස් කරන ලදී)

මගේ බ්ලොග් අඩවියෙන් කරන දෙවන අවුරුදු සුභ පැතීමයි මේ. පළමු එක 2009 ත්, දෙවන එක 2010 ත් වශයෙන් තමා සුභ පැතුවෙ. මේ අලූත් අවුරුද්දකු ලබන වෙලාවෙ තමන් 2009 අවුරුද්ද පුරාම කරපු කියපු හොඳ සහ නරක දේවල් ආයෙමත් මතක් කරල බලන්න කියන එක තමයි මට නම් කියන්්න තියෙන්නෙ. අවසානයේ මම ඊයෙ අහපු කියමනක් දාන්නම්.

සැමට ආදරය කරන්න

කිහිප දෙනෙක් විශ්වාස කරන්න

තමන්ට තමන් අවංක වන්න

පුරාතන ලංකාවේ සිටි රාවණා රජුගේ ගුවන් යානා නවත්වා තිබූ “වා රිය පොළ” ප‍්‍රදේශයේ කොළඹගම රජමහා විහාරයේ චෛත්‍ය රාජයා ඉදිරිපිට දැල්වීමට සූදානම් කර තිබූ මෙම පහන් පෙළ දුටිමි. මහ ගිනි මද්දහනේ මම මෙය ඡායාරූප ද ගත කළෙමි.

Technical Details – f/9, Exposure 1/250 sec, ISO 200, Camera – Nikon D40

හිරිමල් වැස්සකින් පසු දුහුවිලි සේදී ගිය…. ආදරණිය බෝගන්විලා මලේ….
ඔබේ සුන්දරත්වය දැකීමට වැස්සක්ම ආ යුතු විය…..

Technical Details –  f/6.3, Exposure 1/160 sec, ISO 200, Camera – Nikon D40

මගේ පුතාගේ පැරණි ඡායාරූප බලන අතරේ එයින් සමහරක් සයිට් එකට දාන්න හිතුනා.

බලන්නකෝ මිනිහගෙ වැඩ කිඩ ටිකක්….

කත්මණ්ඩු අගනුවර සිට කිලෝමීටර් 250 ක් විතර බටහිරෙන් සහ ලූම්බිණියට කිලෝමීටර් 200 ක් පමණ උතුරෙන් ඇති පොක්හාරා නගරය තමයි නේපාලයේ ඇති අංක එකේ සංචාරක පුරවරය. විශාල වශයෙන් සංචාරකයන් මෙහි ඇදී එන්නේ මෙහෙ තිබෙන සුන්දර දසුන් දැක ගැනීමටයි. පොක්හාරා වල දේශගුනය අපේ නුවරඑළියට තරමක් සමානකමක් දක්වනවා. ඒත් අපේ නුවරඑළියට වඩා දේශගුණික වෙනස්වීම් තියෙනවා. ඒ කියන්නෙ රස්නෙ කාලෙට ටිකක් රස්නෙයි. ශිත කාලයට සෑහෙන්න හීතලයි. මම තුන් වතාවක් පොක්හාරා ගියා වැඩ වලට සහ විනෝදය සඳහා.

ප‍්‍රථමයෙන්ම පොක්හාරාවට එන කෙනෙකුට දැක ගන්න තියෙන්නෙ විශාල මිරිදිය කලපුව. එය නමින් ‘‘ෆේවා ලෙක්’’ වෙනවා. නේපාලයේ විශාලත්වයෙන් දෙවන ස්ථානය ගනු ලබන මෙය නිර්මානය වී ඇත්තේ සේටි ගඟ හරස් කිරිමෙනුයි. මෙහි බෝට්ටු සවාරියක් යෑමේ හැකියාවක් ද තියෙනවා. යාන්ත‍්‍රික බෝට්ටු මෙහි ඇත්තේම නැහැ. හබල් බෝට්ටු පමණයි තියෙන්නෙ. මෙය මට දැනෙන හැටියට නම් අපේ කළාවැව විතර විශාලයි. හරිම සුන්දරයි. කෘත‍්‍රීමයි කියලා දැනෙන්නෙ නැහැ පොඞ්ඩක්වත්. ස්වාභාවික ශාඛ සහ සතුන් පවා දක්නට ලැබෙනවා. ෆේවා ලෙක් එක මැද සුවිශේෂී වූ හෝටලයක් තියෙනවා. ඒක ස්වාභාවික දුපතක් මැද ස්වාභාවිකව නිර්මානය කල සුවිශේෂි නිර්මානයක්. ඒත් එක්කම මැද තවත් දුපතක ශිව දේවාලයකුත් තියෙනවා. අවාසනාවකට මෙම දේවාලය තුල ඡායාරූපකරණය තහනම් කර තිබුනා. සංචාරක හෝටලයේ නවතින සංචාරකයන්ට හැර අනෙකුත් අයට ඇතුල්වීම එහිත් තහනම් කරල තිබුනා. මමත් ෆේවා ලෙක් එකේ බෝට්ටු සවාරියක් ගියා. මෙය අද්දර ලස්සන උද්‍යානයකුත් තියෙනවා.

ඊලග සුවිශේෂි වූ ස්ථානය තමයි ‘‘සරන්කෝට්’’ කියන ස්ථානය. මෙය පොක්හාරා නගරයේ සිට කිලෝමීටර 12 පමණ උතුරට ගමන් කළ විට හමුවන විශාල කන්දක (මීටර 1592) මුදුනක්. මෙය තමයි පොක්හාරා නගරයේ සිට පහසුවෙන්ම ලඟාවිය හැකි හොඳම බැලූම් ස්ථානය (View Point). කෙනෙකුට අවශ්‍ය නම් පැය දෙකක පයින් ගමනකින් හෝ පැය භාගයක කුඩා වාහන ගමනකින් මෙතැනට ලඟාවිය හැකියි. මෙහි ඇති සුවිශේෂත්වය නම් උඩ සිට දිශා හතරම බැලිය හැකිවීමයි. මීටර 1592 ක් උසින් පිහිටි සරන්කෝට් බැලූම් ස්ථානයේ සිට පොක්හාරා නගරය හරිම අපූරුවට පහලින් පේනවා. උතුරින් හරිම අපූරුවට හිමාල කඳුවැටියේ අන්නාපූර්නා දකුණ (මීටර 7219), අන්නාපූර්නා 1 (මීටර 8091), මච්රාපුච්රෙ  (මීටර 6993, හැඩය නිසා මාලූ වරල ලෙස හඳුන්වයි), අන්නාපූර්නා 3 (මීටර 7555), අන්නාපූර්නා 4 (මීටර 7525), අන්නාපූර්නා 2 (මීටර 7937) සහ ලම්ජුන්ග් හිමාල් කියන හිමකඳු දැක ගන්නට පුලූවන්. උදේ පාන්දරින්ම 4.30 ට විතර මෙතැනට යන්න පුලූවන් නම් අපේ සිරීපාදෙ වගේ ඉරසේවය බලාගන්නත් පුලූවන්. හවස 5 – 6 ට වගේ යන්න පුලූවන් නම් ඉර බැහැගෙන යන සුන්දර දර්ශනයක් බලා ගන්න පුලූවන්. මටනම් දෙකම බැරිවුනා වෙලාව අඩුපාඩු විම නිසා.

මීලඟට බලන්න ගියෙ ‘‘ඩෙවිල්ස් ෆෝල්ස්’’. මේකට නේපාලෙ කියන්නෙ ‘‘පටාලේ ඡාන්ගෝ’’ කියලා. ඒ කියන්නෙ යකාගෙ ඇල්ල. මේක තියෙන්නෙ පොක්හාරා වලට කිලෝමීටර් 02 ක් විතර දකුණට වෙන්න තන්සෙන් – බුට්වාල් හරහා ලූම්බිණි මාර්ගයෙ. මේකනම් යකාගෙම ඇල්ලක් තමයි. ඇල්ලෙ උඩ කොටස පටන් ගන්නෙ පාරෙන් දකුණු පැත්තෙ පොලව උඩින්. මේ දියපාර එක පාරටම පොලව යටට යනවා. මම හිතන්නෙ අඩි 150 විතර. පුදුම හිතෙනවා. සද්දෙ විතරයි. පොලව හේදිලා ගිය පාරවල් විතරමයි පේන්නෙ. හින්දු අය විශ්වාස කරන පරිදි මෙතැන තියෙනවා තමන්ගෙ සිතුම් පැතුම් ඉටු කර දෙන පොකුණක්. කාසියක් මේකට දාලා තමන් දෙයක් හිතුවාම ඒක සාර්ථක වෙනවා කියල තමයි නේපාල ජනයාගේ විශ්වාසය. මෙතන තිබුන අමුතුම ජාතියෙ මල් වර්ගයකුත්. ඒක පිපිල තිබුනෙ නැහැ. මාස 04 කට විතර පස්සෙ මම කත්මණ්ඩු වලදි දැක්ක මේවා පිපිල තියෙනවා. මල පල්ලෙහාටයි පැනලා තියෙන්නෙ.

ඉතින් කලින් ඇතුලට අතුරුදහන් වුන දියපාර බලන්න මම පොලව යටට අඩි 200 විතර බැස්සා ගුහාවකට. මේ ගුහාව තියෙන්නෙ පාරෙන් වම් පැත්තෙ කිලෝමීටර භාගයක් විතර දුරින්. ඒකෙ කටින් ඇතුලට බැහැලා පොලව යටින් මීටර හාර පන් සියයක් ඇවිදගෙන යන්න තියෙනවා. සමහර තැන්වලින් රිංගලා යන්නත් තියෙනවා. ටිකක් භයත් නැතුවාම නෙවෙයි. ත‍්‍රාසජනක අත්දැකීමක්. මේකෙ කෙලවරේ අර අතුරුදහන් වුන දියපාර දිය ඇල්ලක් වෙලා හරිම අපූරුවට පහලට වැටෙනවා. යකාගෙම ඇල්ලක් තමයි. පොලව යට දිය ඇල්ල. මේක දකුණු ආසියාවෙ විශාලම ගුහාව කියලත් කියනවා. කාලාන්තරයක් තිස්සෙ පස්තට්ටු සෝදාගෙන ගියපු හැටි බලාගන්නත් පුලූවන්. ඇතුලෙ තියෙන ගල් වර්ග, භූ විෂමතාවය සම්පූර්ණයෙන්ම වෙනස්. පිටට ආවහම නිකන් පිස්සු හැදෙනවා.

පොක්හාරා වල මැණික් හම්බ වෙනවා. ඒවා සාමාන්‍යයෙන් හොඳ මිලකට මිලට ගන්නත් හැකියාව තියෙනවා. විදේශිකයන් වැඩිහරියක්ම පොක්හාරා වලට එන්නෙ මෙන්න මේ නිසා මම හිතන්නෙ.  අත්යන්ත‍්‍ර රෙදිපිළිත් මෙහෙ හරියට තියෙනවා. මාර පාටවල්.

මම හිතන්නෙ සෑහෙන්න තොරතුරු ලිවුවා. මම දැකපු විඳපු දෙවල් ඔයාලත් එක්ක බෙදා ගන්න  ඕන නිසා ලිවුවෙ. කියවලා බලලා අදහසක් ඉදිරිපත් කරන්න. යසෝධරා දේවියගේ ගම වන දෙව්දහ නුවර ගැන ලිපියක් මීලඟට ලියන්න බලාපොරොත්තු වෙනවා.

මේ ඡායාරූප ඔයාලට මෙන්න මෙතැනින් ෆ්ලිකර් එකෙත් බලන්න පුලූවන්

මේක මට ඊමේල් එකට ආපු එකක්. කියවගෙන යනකොට තමයි තේරුනේ. ඔයාලත් කියවලාම බලන්නකෝ…..

දවසක්දා පුතා තමන්ගේ තාත්තගෙන් ඇහුවා මෙන්න මෙහෙම. ‘‘තාත්තෙ, මේ ආණ්ඩුව කියන්නෙ මොන වගේ එකක්ද?’’ කියලා.

ඉතින් තාත්ත දුන්න මෙන්න මෙහෙම උත්තරයක්. ‘‘මගෙ පුතේ, ආණ්ඩුව කියන්නෙ මෙන්න මේ වගේ සිද්ධියක්. දැන් බලපන් මම මට ඕන විදිහට වැඩ කරගෙන යනවනෙ. ඒ වුනාට උඹලගෙ අම්මා විරුද්ධ පක්ෂෙ වගේ හැම එකකටම බාල්දි පෙරලනවා. උඹගෙ අයියයි, අක්කයි ඉන්නවා නේද? උන් කොහොම හරි වෘත්තීය සමිති වගේ කෑ ගහල උන්දෙන්නගෙ වැඩ ටික ටක්කෙට වෙලාවට කර ගන්නවා. දැන් බලපන් උඹ. හැම එකාම උඹටනෙ සත්තම දාන්නෙ. උඹ හරියට පුතේ ජනතාව වගේ කිසිම දෙයක් කරගන්න බැරුව කාගෙන ඉන්නවා. ඔන්න ඕක තමයි පුතේ ආණ්ඩුව කියන්නෙ’’

පහුවදා උදේ නැගිට්ට පුතා කිවුවා ‘‘තාත්තෙ, තාත්තෙ මම දැක්ක, මම දැක්ක’’ කියලා. තාත්ත ෆුල් අප්සට් වෙලා ඇහුව මොනවද පුතේ උඹ මේ උදේ පාන්දරම දැක්කෙ කියලා.

මම ඔක්කොම දැක්ක තාත්තෙ, ආණ්ඩුව විරුද්ධ පක්ෂෙට පෙරලගෙන ගහනවා. වෘත්තීය සමිති මර නින්දේ. ඒ වුනාට තාත්තෙ ජනතාව අවදියෙන් කියලා.

අපේ දගකාරයා අද තනියම නාන්න  ඕන කියල එකම යුද්ධෙ. බලන්න මිනිහ තනියම ෂවර් එකෙන් නාන හැටි…..

(I had to remove one photo from the gallery. 
Thanks for the Comments and information!)

ආයෙමත් අපි දඹදිව වන්දනාවක ගියා. පෙර වන්දනා වලට වඩා මේකෙ සුවිශේෂත්වක් තියෙනවා. වන්දනාවෙ යන හැමෝම තමන්ගෙ වන්දනාව පටන් ගන්නෙ එහෙමත් නැත්නම් වන්දනා නඬේ ගුරුවරුන්ට අනුව පටන් ගන්න සිද්ධවෙලා තියෙන්නෙ දිල්ලියෙන්. ප‍්‍රධානම හේතුව තමයි වියදම. ඒකට වෙනත් හේතුත් නැතුවාම නෙවෙයි. එහෙත් අපි අපේ වන්දනාව පටන් ගත්තෙ සිද්ධාර්ථ කුමරු ඉපදුන ලූම්බිණියෙන්. දඹදිව විතරක්ම නෙවෙයි මේකෙදි අපි ගියෙ. තව තවත් සුප‍්‍රසිද්ධ තැන් කිහිපයකටත් ගියා. මේකට වන්දනාවක් කියනවට වඩා සංචාරයක් කියල කිවුවට කමක් නැහැ මම හිතන්නෙ. මම අපේ ගමනෙ විස්තර ලියන්නයි හදන්නෙ. මම හිතන්නෙ දඹදිව ගිය සහ යන්න සැලසුම් කරන හැමෝටම උදව්වක් වේවි.

අපේ මාර්ගය වුනේ. ලූම්බිණි, නේපාල කපිලවස්තු, නේපාලයේ පොක්රා නගරය, දෙව්දහ නුවර, ශ‍්‍රාවස්ථි, කුෂිනගර්, වෛශාලි, නාලන්දා, රාජ්ගිර්, බුද්ධගයා, වරනාසි, සාරානාත්, අලහබාද්, කජුරාවෝ, සාංචි, ඇල්ලෝරා, අජන්තා, සංකස්ස, ජායිපූර් හරහා දිල්ලි.

ඔන්න සංචාරය පුංචි හැඳින්වීමක් කලා. මේ හැමතැනකදිම මම ඡයාරූප ගත්තා. ඒවා ගැන විස්තරත් ගොඩක් හොයා ගත්තා. ඔයාලා හැමදෙනාටම වැදගත් වෙන නිසා ඊලඟ ලිපියෙ ඉඳලා මේ තැන් ගැන වෙන වෙනම ලියන්න පටන් ගන්නම්. තරහ වෙන්න එපා ටිකක් පරක්කු වුනාට…..

Hon. Mahinda Rajapaksha and the delegation visited the Sri Lanka Maha Vihara, Lumbini for its Opening Ceremony which was held on 30th October. On his way to the Sri Lanka Maha Vihara, he also visited the Mayadevi Temple in Lumbini. (See the Photos)

Pix By. Kawshala Kapila. (R) All rights Resereved. Publishing Prohibited

Pix By. Kawshala Kapila. (R) All rights Resereved. Publishing Prohibited

මෙයාව මට මුණ ගැහෙන්නෙ අපේ දඹුල්ලෙ පහල පන්සල ඇතුලෙදි. බලන්න එයාගෙ ස්ටයිල් එක….

මම ලස්සනයි නේද?

Technical Details – f/9.0, Exposure 1/320 sec, ISO 200, Camera – Nikon D40

බුදුදහමේ දැක්වෙන අයුරු මහා පින්කම් අටකි.
1. කඨින චීවර පූජාව
2. අටපිරිකර පූජාව
3. සංඝාවාස පූජාව
4. සඟසතු කොට දන් පිදීම
5. දහම් පොත් ලිවිම
6. කෙත්වතු පූජාව
7. බුද්ධ ප‍්‍රතිමා ඉදිකිරීම
8. වැසිකිළි සකසා පූජාකිරීම

මේවා බුදුදහමෙහි අට මහ කුසල් යනුවෙන් ද හැඳින්වේ. මෙහි මුලින් ම දැක්වෙන කඨින චීවර පූජාව ඉතාමත් ම වැදගත් පින්කමක් ලෙස සැලකේ. එයට හේතුව වන්නේ එය ගිහි – පැවිදි සම්බන්‍ධතාව, සිහිය, ගුණවත්කම හා සිල්වත්කම මත ම පදනම් වූ මහා පින්කමක් හෙයිනි.

කඨින චීවර පූජාව සඳහා සුදුසු කාලය

කඨින චීවර පූජාව සැදැහැවත් උපාසක උපාසිකාවන්ට සිතුණු පමණින් කළ හැකි පින්කමක් නොවේ. ඒ සඳහා නියමිත කාලයක් ඇත. ඇසළ පොහෝ දිනට පසුදින වස් සමාදන් වන උපසපන් භික්‍ෂූන් වහන්සේලා, වප් පොහොය දිනයේදී වස් පවාරණය කරති. ඉන් පසු ව වප් (ඔක්තෝබර්) පොහොය දින සිට ඉල් (නොවැම්බර්) පොහොය දින දක්වා කාලය තුළ පමණක් මෙකී කඨින චීවර පූජා සිදුකර ගත හැක. මෙම මාස දෙක අතර කාලය, චීවර මාසය, යනුවෙන් හැඳින්වේ. එම මාසයක කාලය තුළ මෙම පින්කමට සහභාගි නොවුණහොත් තවත් වසරක් බලා සිටීමට සිදු වේ.

කඨිනය යනු කුමක්ද?

කඨින යන වචනයේ තේරුම තද, ශක්තිමත් යන්න යි. මහ පොළව මෙන් කම්පා නොවන, මහාමේරුව මෙන් සුළඟින් නො සෙල්වෙන, වීදුරු පරිවතයක් මෙන් නොබිඳෙන,  ඉතා ශක්තිමත් වූ දෙය කඨිනය නමින් හඳුන්වයි. මෙම පින්කමින් ලබන ආනිසංස එලෙස ම ශක්තිමත් කරගැනීමට  තමන්ගේ මනස ද ශක්තිමත් කරගැනීම ඉතාමත් වැදගත් වේ. කඨින චීවරයක් පූජා කරන අවස්ථාවේ පූජා කරනු ලබන  ඕනෑම පූජා වස්තුවක් පුදන අයට ද මහත් ඵල මහානිසංස ලබාගත හැක.

කඨින චීවරය හා එහි වැදගත්කම

සාමාන්‍ය සිවුරක් පූජාකිරීමෙන් ලැබෙන අනුසස්වලට වඩා කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන අනුසස් අති විශාල ය. එය බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වෙයි.

ගිරිරාජ සමං රාසිං
සංඝෙ දෙති තිචීවරං
එකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සොළසිං

මහාමේරු පර්වතය දක්වා උසට  තුන්සිවුරු (තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය) පූජා කළත්, කඨින චීවරයක් පිදීමෙන් ලැබෙන අනුසස්වලින් දහසයෙන් පංගුවක් හෝ නොලැබේ ය යනු එහි අදහස යි. කඨින චීවරය පූජා කිරීමෙන් ලැබෙන අනුසස් පිළිබඳ ව විමසීමේදී  පූජාව සිදුකරන්නාගේ සිතිවිලි සහ පූජාව ලබන්නාගේ ගුණවත්කම ඉතා වැදගත් වේ. පූජාව සිදුකරන්නා ඉතාම සැදැහැවත් හා කර්මය හා කර්මඵල විශ්වාස කරන්නෙකු විය යුතු අතර, පූජාව ලබන භික්‍ෂුව ද ගුණවත්කමින් යුක්ත විය යුතු ය. කඨින චීවරය ලබන භික්‍ෂූන් වහන්සේට ශික්‍ෂාපද පහකින් නිදහස ලැබීම ඉතා වැදගත් ප‍්‍රතිඵලයකි.

‘අත්‍ථරිත කඨිනානං වො භික්‍ඛවෙ පඤච කප්පිස්සන්‍ති,
අනාමන්‍තචාරො අසමාධානචාරො
ගණභොජනං යාවදත්‍ත චීවරං යොච තත්‍ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සති’

‘මහණෙනි, කඨිනයක් පිළිගත්තා වූ කඨිනයක් ඇතිරුවා වූ භික්‍ෂූන් වහන්සේට ආනිසංස පහක් ලැබේ’

1. අනාමන්‍තචාරො
භික්‍ෂූන් වහන්සේ නමක් තමන්වහන්සේ වැඩ සිටින ආවාසයෙන් පිටත වඩින විට කිසිවෙකුට හෝ කියා වැඩිය යුතු ය. කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට කිසිවෙකුට නොදන්වා ආවාසයෙන් පිටවිමෙවන් කිසිදු ඇවැතක් සිදු නොවේ.

2.අසමාධානචාරො
සෑම දිනක ම අරුණු නැගෙන විට භික්‍ෂුව සමීපයෙහි තුන් සිවුර තිබිය යුතු ය. එසේ නොවුණහොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට තුන් සිවුර සමීපයෙහි නොතිබුණාට ඇවැතක් සිදු නොවේ.

3. ගණභොජනං
සැදැහැවත් දායකයින් භික්‍ෂූන් වහන්සේලාට සිය නිවසේ දානයකට පොදුවේ ආරාධනා කළ යුතුය. පෞද්ගලිකව ආරාධනයක් පිළිගතහොත් ඇවැතක් සිදු වේ. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට දායකයාට අනුග‍්‍රහ පිණිස පෞද්ගලික ව හෝ නිවසකට වැඩම කොට දානය වැළදීමෙන් ඇවැතක් සිදු නොවේ.

4. යාවදත්‍ත චීවරං
උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමකට තුන් සිවුරක් අධිෂ්ඨාන කරගෙන පරිහරණය කරන්නේ නම්, ඊට අමතර ව සිවුරු පරිහරණය කළ නොහැක. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට සිවුරු  ඕනෑම ප‍්‍රමාණයක් පරිහරණය කළ හැක.

5. යො ච තත්‍ථ චීවරුප්පාදො සො නෙසං භවිස්සති
අන්‍ය අවස්ථාවන්හිදී සඟ සතුකොට පූජා කළ පූජාවන් තනි ව පරිහරණය කිරීම වරදකි. එහෙත් කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට පූජා කරන ලද සියලූ ම දේවල අයිතිය හිමිවන අතර, සියල්ල පෞද්ගලික ව වුවද පරිහරණය කළ හැක.

දායකයාගේ චිත්තශක්තිය

තුන් මසක් පුරා වෙහෙසී, තුන් මසක් පුරා සිතුවිලි ගොඩ නගා, තුන් මසක් පුරා කි‍්‍රයාත්මක වී සංවිධානය කොට සිදුකරනු ලබන මෙම පින්කම ඉතා බලගතු වෙයි. මහා සංඝරත්නයට වස් විසීමට ආරාධනා කළ දින සිට මල් පින්කම්, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, අටපිරිකර පූජා, චීවර පූජා හා කප්රුක් පූජා ආදී බොහෝ අතිරේක පින්කම් රාශියකට යොමුවීමෙන් දායකයාගේ සිත තුළ ගොඩ නැගෙන්නේ අසිරිමත් කුසල චිත්ත පරම්පරාවකි.

කඨින පින්කම අතිශයින් දුර්ලභ පින්කමකි. එක් වසරකදී එක් විහාරස්ථානයක පූජා කළ හැක්කේ එක් කඨින චීවරයක් පමණි. උපසපන් භික්‍ෂුවක් වස් විසීම, වස් ආරක්‍ෂා කරගැනීම අත්‍යවශ්‍ය කරුණු වේ. මෙවන් දුර්ලභ කරුණු සම්පූර්ණ කරගැනීමෙන් සිදුකරන පින්කමක් හෙයින් දායකයාගේ සිත ඉතාමත් බලවත් වෙයි.

බුද්ධ දේශනාව තුළ සඳහන් වන පූජා අතර තෙවරක් ම පූජා සිදුකරන පින්කම ද කඨින චීවර පූජාව යි. දායකයින් විසින් වස්ත‍්‍රයක් වශයෙන් පළමුවත්, චීවරයක් වශයෙන් පොදුවේ මහසඟරුවනටත්, මහසඟරුවන විසින් විනය කර්ම වාක්‍යයක් මගින් එක් භික්‍ෂුවකටත් මෙම චීවරය පූජා කෙරේ.  මෙයින් දායකයා තුළ ගොඩනැගෙනුයේ මහා කුසල චිත්ත ශක්තියකි.

සකල ක්ලේශයන් ප‍්‍රහීන කළා වූ උතුමන්ගේ එකී නික්ලේශී ගුණය වෙනුවෙන් මෙම කඨින චීවර පූජා කරනු ලැබේ. උන්වහන්සේලා කරුණා – මෛති‍්‍ර – ශ‍්‍රද්ධා – ප‍්‍රඥා  ගුණයෙන් අනන්ත ය. සම්බුද්ධ ශාසනය – බුදුදහම පවිත‍්‍ර ව අප වෙත දායාද කළ උතුමන් වහන්සේලාට පූජා කරන ලද මෙම කඨින චීවරය පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස අති විශාල ය.

කඨිනයේ අනුසස්

කඨින චීවරයක් පිළිගත් භික්‍ෂූන් වහන්සේ නමකට ලැබෙන ප‍්‍රතිඵලය මෙන් ම, එය පූජා කළ පින්වතුන්ට ද ආනිසංස විශාල ප‍්‍රමාණයක් හිමි වේ. උපනුපන් සියලූ භවයන්හිදී දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, පරිවාර සම්පත්, ආහාරපාන, ඉඳුම්හිටුම්, වස්ත‍්‍රාභරණ මෙන් ම සියලූදෙනාගේ ගරුබුහුමන්, වැඳුම්පිදුම්, පූජාසත්කාර ආදිය හිමි වේ. සියලූ දෙසින් පැමිණෙන සියලූ උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂාව ලැබේ. සියලූ පූර්ව අකුසල කර්මයන්ගේ විපාකවල බලපෑම අඩු වේ. රජ සම්පත්, සිටු සම්පත් හිමි වේ. චක‍්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය මෙන් ම ශක‍්‍ර සම්පත්තිය ද ලැබීමට හැකි වේ. කොතැනක ඉපදුණත් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් හා ප‍්‍රඥාවෙන් ආඪ්‍ය වූ ජීවිත ම ලබයි. සියලූ ක්ලේශ බන්‍ධනයන්ගෙන් මිදී නිවන් අවබෝධ කරගැනීමටත් හේතු වාසනාව ලැබේ. කඨින චීවර පූජාවේ ආනිසංස නාගිත ථෙරාපදානය තුළින් අපට මනා ව අවබෝධ කරගත හැක. කල්ප අනූඑකකට පෙර විපස්සි බුදුරදුන් සමයෙහි මහා සංඝරත්නයට කඨින චීවරයක් පූජාකොට තමන් ලැබූ ආනිසංස, නාගිත තෙරුන් වහන්සේ විසින් ගෞතම බුදුරදුන් සමීපයෙහි අනාවරණය කරමින් ප‍්‍රකාශ කරන ලද ගාථා පෙළින් තෝරාගත් ගාථා කීපයක් මතු සදහන් වේ.

කඨිනදානං දත්‍වාන
සංඝෙ ගුණවරුත්‍තමෙ
ඉතොතිංසෙ මහාකප්පෙ
නාභිජානාමි දුග්ගතිං
ගුණයෙන් උතුම් ව මහ සඟරුවනට කඨින චීවරයක් පුදා කල්ප තිහක් තිස්සේ දුගතියක නූපන්නෙමි.

අට්ඨාරසන්‍තං කප්පානං
දෙවලොකෙ රමාමහං
චතත්‍තිංසක්‍ඛත්‍තුං
දෙවිෙන්‍දා දෙවරජ්ජමකාරයිං
කල්ප දහඅටක් දෙව්ලොව සැප වින්දෙමි. තිස්හතර වාරයක් සක්දෙව් රජව දෙව්ලොව රජ කළෙමි.

ආරපථෙ ආරපථෙ
චක්‍කවත්‍ති සුඛං ලභෙ
පදෙසරජ්ජං විපුලං
ගණනාතො අසංඛ්‍යයා
කඨින චීවරය මැසීමේදී ගසනු ලද ඉදිකටු පාර ගණනට චක‍්‍රවර්ති රාජ සම්පත් ලදීමි. මහත් වූ ප‍්‍රදේශ රාජ්‍යය ලැබූ වාර ගණන මෙතෙකැයි ප‍්‍රමාණ කළ නොහැක.

භොගෙ මෙ ඌණතා නත්‍ථි
කඨිනදානස්සිදං ඵලං
යත්‍ථ යත්‍ථුප්පජ්ජාමි
ලභිත්‍වා සබ්බ සම්පදං
පරිසානං උත්‍තමො හොමි
කඨිනදානස්සිදං ඵලං
මගේ භෝග සම්පත් කිසිදා අඩු නොවී ය. යම් යම් තැනක උපදිම් ද ඒ ඒ තැන සියලූ සම්පත් ලබා පිරිස අතර උත්‍තම තත්‍වයට පත්වීමි.

හත්‍ථි යානං අස්ස යානං
සිවිකංසන්‍දමානිකං
සබ්බං තං පටිලාභාමි
කඨිනදානස්සිදං ඵලං
ඇත් යානා අස් යානා සිවිකා යානා ආදී සියලූ යානයින් ලැබීමි.

රුක්‍ඛග්ගෙ පබ්බතග්ගේ වා
අන්‍තලික්‍ඛ ච භූමියං
යදා ඉච්ඡාමි දුස්සෙහි
සබ්බං පටිලාභාමහං
ගස් මුදුන්හිදී ද පර්වත මුදුන්හිදී ද අහසේදී හෝ භූමියේදී ද යම් වස්ත‍්‍රයක් කැමති වීම් ද ඒ සියල්ල ලැබීමි.

(පොත පත ඇසුරෙනි)

පහුගිය 20 වෙනිදා තමයි මගේ චූටි දුවගේ 0 වන උපන්දිනය. ඒ කියන්නෙ එයා මේ ලෝකෙට ආවෙ පහුගිය 20 වෙනිදා.බලන්න එයාගෙ හුරතල් ඡායාරූප ටිකක්……..

01මේ එයා නිදාගන්න අලූත් ක‍්‍රමය

02හප්පා නිදාගෙන හරිම මහන්සියි….

03කොහොමද මගෙ ශක්තිමත් අත…..

04මොකක්ද ඊළගට කරන්න තියෙන්නෙ…..

05මේ එයාගෙ සුදු චූටි කකුල…..

06අයියයි නංගියි. අයිය අපිටවත් නංගිව අල්ලන්න දෙන්නෙ නැහැ. ඒ තරමටම අයිය නංගිට ආදරෙයි….

07එයාගෙ තාත්තගෙ අම්ම එක්ක. ඒ කියන්නෙ මගෙ අම්මත් එක්ක….

08එයාගෙ තාත්තගෙ අම්මගෙ තාත්තයි, අම්මයි එක්ක. ඒ කියන්නෙ මගෙ සීයයි, ආච්චියි එක්ක (04 වන පරම්පරාවෙ 02 වෙනියා, 01 එකා මගෙ පුතා)

හරිම සුන්දරයි

සැබෑ කපිලවස්තුව පිහිටියේ නේපාලයේද ? නැතහොත් ඉන්‍දියාවේද? – 01 සහ නේපාලයේ කපිලවස්තුව යන ලිපිය හා බැඳේ.

දැනට නේපාලයේ කපිලවස්තු පුරය පිහිටි ස්ථානයේ සිට ගම මැදින් ඉන්‍දියාවේ කපිලවස්තු පුරය යනුවෙන් හැදින්වෙන ස්ථානයට යා හැකිය. මේ ස්ථාන දෙක අතර දුර කිලෝමීටර් 03 කට වඩා නැත. අප දන්නා තොරතුරු වලට අනුව බුදුරදුන් රහතන් වහන්සේලා 20,000 සමග කපිලවස්තුවට වැඩම කල බව සඳහන්ය. මේ අනුව මේ කපිලවස්තු දෙක ම එකක් මිස දෙකක් නොවන බැව් උපකල්පනය කළ හැක. මහා බි‍්‍රතාන්‍යය මගින් දේශසීමා නිර්ණය කර වෙන්කිරීමේදී මෙම වෙනස සිදුවී ඇති බැව් පෙනේ. එනම් නේපාල කපිලවස්තුවේ කොටසත් ඉන්‍දියාවට අයත් බිම් පෙදෙසක් වශයෙන් දේශසීමා නිර්ණය කිරීම හේතුකොට ගෙන මෙම අවුල පැනනැගී ඇත. පුරාවිද්‍යාඥ ඇලෙක්සැන්ඩර් කනිංග්හැම් විසින් ඉන්‍දියාවේ කපිලවස්තුව සොයාගන්නා යුගයේදී නේපාලයේ පාලකයා වූයේ කඩක් සම්සේර් නම් නරපතියා ය. ඔහු ස්වකීය පාලන ප‍්‍රදේශයට කිසිදු විදේශිකයෙකු ඇතුළු වෙනවාට විරුද්ධ විය. එම පදනම මත කනින්හැම්ට ද නේපාලයට පැමිණීමට නොහැකි විය. එහෙත් ඔහුගේ ශිෂ්‍යයින් විසින් හියුංසාන්ග්, ෆාහියන් ආදීන්ගේ දේශාටන වාර්තා අනුව යමින්, නිගිලිහවා හි කෝණාගම බුදුන්වහන්සේ උපන් භූමිය, කකුසද බුදුන් වහන්සේ උපන් ස්ථානය (ගොටීහවා) හා විඩූඪභයන් විසින් ශාක්‍යයන් සමූල ඝාතනය කළ ස්ථානය (සඟරහවා) ද හ`දුනාගන්නා ලදී. එසේම නවීන ඛුදාන් ප‍්‍රදේශයේ පිහිටි නිග්‍රෝධාරාමයත්, තිලෝරාකෝට් හි සුද්ධෝදන රජුගේ මාලිගාවත්, සුද්ධෝදන රජු හා මහමායා දේවිය ආදාහනය කළ ස්ථානය (ධම්මිහවා) ත් සොයාගන්නා ලදී . සුදොවුන් රජුගේ මාලිගය පිහිටියා යයි පිළිගන්නා බිම් පෙදෙස වටේට ම වෙල්යායවල් සමූහයක් පිහිටා ඇත. සුදොවුන් රජු විසින් වප්මගුල් උත්සවය පවත්වන ලද්දේ මෙම වෙල්යාය ඇසුරු කරගෙන බැව් උපකල්පනය කළ හැක.

සරකූප ළිද නමින් සොයාගන්නා ලද ස්ථානය මාලිගාව පිහිටි ප‍්‍රදේශයේ සිට ලූම්බිණිය දක්වා එන අතරමගදී හමුවේ. ක්‍ෂති‍්‍රය යුදශිල්ප නොදන්නා අයෙකුට යශෝදරාවන් විවාහ කර දීම සම්බන්‍ධයෙන් නැගුණු අභියෝග හමුවේ සිදුහත් කුමරු විසින් ශිල්ප දැක්වීමේදී, ඔහු විසින් විදින ලද හීයක් පොළව පළාගෙන ගොස් රැදුණු තැන මෙය යි. දරු උපත සදහා කපිලවස්තුවේ සිට දෙව්දහ නුවර සිය මව්පියන්ගේ නිවස බලා යාමට ආරම්භ කළ මහමායා දේවියට ලූම්බිණියේදී සිදුහත් කුමරුන් ලැබීමෙන් පසුව, දෙව්දහ ගමන නවතා ආපසු කපිලවස්තු පුරය බලා යන ගමනේදී, දැනට තෞලිහවා නමින් හදුන්වන නගරයේ අදටත් පවතින හින්‍දු දේවාලයට ගොස් දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනීමට සිතුණි. (එවකට මුළු රජ පවුලේ  හැම දෙනා ම හින්‍දු ආගම ඇදහූ අය වූහ). එහෙත් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට කුමරුවන් දේව ප‍්‍රතිමාව ඉදිරියේ තැබූ විට, දේව ප‍්‍රතිමාව කුමරුවන් දෙසට නැමී ගිය බව ජනප‍්‍රවාදයේ පවතියි. මෙම දේවස්ථානයේ ඇති ශිවලිංගය සැබවින් ම ශිවලිංගයක් නොව අශෝක කුළුණක ම කොටසක් බව පෙනී යන අතර, ශිව ලිංගයේ පොළව මතුපිට ඇති කොටස මෙන් හතර ගුණයක කොටසක් පොළොව යට පවතිතැයි ගැමියෝ පිළිගනිති. එසේ ම අශෝක අධිරාජයන් විසින් කරවන ලද අශෝක කුළුණු සියල්ලේ ම ආකෘතිය නිමාව හා යොදා ඇති ගල් වර්ගය එක ම බැව් පෙනෙන අතර, එකී කුළුණුවලට ආවේණික ලක්‍ෂණ මෙම ශිව ලිංගයේද පවතින හෙයින් සැබවින් ම මෙය ශිව ලිංගයක් නොව අශෝක කුළුණක කොටසක් බැව් තීරණය කළ හැක. මෙම ස්ථානය කාශ්‍යප බුදුන්වහන්සේ උපන් ස්ථානය ලෙස පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.

නේපාලයේ කපිලවස්තු පුරයේ රජ මාලිගයෙහි සිට කිලෝමීටර් දෙක හමාරක් පමණ දුරින් නිග්‍රෝධාරාමයේ නටබුන් තිබේ. එහි පොකුණක් ද ඇත. රාහුල කුමරුවන් පැවිදි කළේත්, නන්‍ද කුමරුවන් පැවිදි කළේත් මෙම ආරාමයෙහි ය. ප‍්‍රජාපතී ගෝතමිය විසින් බුදුන් වහන්සේට සිවුරු පිරිකර පිදීම ආදිය සිදුවූයේත්, කඨින චීවර පූජාව ආරම්භ වූයේත් නිග්‍රෝධාරාමයේ දී ය. ඒ ස්ථානය හැදින්වෙන්නේ ඛුදාන් යන නමිනි. ධම්මපදට්ඨකථාවෙහි සුද්ධෝදනවත්‍ථුවෙහි දැක්වන පරිදි බුදුන්වහන්සේ කපිලවස්තු පුරයට ගොස් ඥාතීන් විසින් පෙරගමන් කොට තමන්වහන්සේ පිළිගත් පසු ව, ඥාතීන්ගේ මානය බිඳලීම පිණිස අහසෙහි රුවන් සක්මනක් මවා එහි සිට දහම් දෙසූයේත් (එකස්මිං සමයෙ සත්‍ථා පඨමගමනෙන කපිලපුරං ගන්‍ත්‍වා ඥාතීහි කතපච්චුග්ගමනතො නිග්‍රෝධාරාමං පත්‍වා  ඥාතීනං මානං බින්‍දනත්‍ථාය ආකාසෙ රතනචංකමනං ………..ධම්මං දෙසෙසි)  සුද්ධෝදන රජුට උත්තිට්ඨෙ නප්පමජෙඣ්‍ය……………හා ධම්මං චරෙ සුචරිතං ……. යන ගාථා දෙක දේශනා කළේත් නිග්‍රෝධාරාමයේදී ය. එසේ ම යශෝදරාවගේ උපදෙස් අනුව රාහුල කුමරු දායාද ඉල්ලා බුදුන්වහන්සේ වෙත ගියේත්  ලේකෝත්තර දායාදය ගනුව (ලොකුත්තර දායජ්ජං ගණ්හාති) යි කියා ඔහු ව පැවිදි කරවූයේත්, නිග්‍රෝධාරාමයේදී ය. තවද කුලය පහදවන භික්‍ෂූන් අතරින් ප‍්‍රථම ස්ථානය කාළුදායි තෙරුන්ට දී වදාළේත් නිග්‍රෝධාරාමයේදී ය. (අපදානට්ඨකථා – 55 භද්දියවග්ග). බුදුන්වහන්සේගේ ඥාතිපිරිස ස්වකීය ශ්‍රේෂ්ඨ ඥාතියා දකින්නෙමුයි රැස්ව බදුන් වහන්සේට හා භික්‍ෂූන්වහන්සේලාට වසන තැන් නිග්‍රෝධාරාමයෙහි කරවා මල් ගද විලවුන්  සහිත අත් ඇති ව, පෙර ගමන්කොට බුදුන් වහන්සේ නිග්‍රෝධාරාමයට කැඳවාගෙන ආ බැව් චරියාපිටක අටුවාවෙහි  අකිත්තිවර්ගයෙහි සදහන් වේ.

විඩූඪභයන් විසින් තමන්ට ශාක්‍යවංශීකයින් විසින් කරන ලද මදිපුංචිකමකට පළිගැනීම් වශයෙන් ශාක්‍යයන් සමූලඝාතනයට කපිලවත්‍ථුවට පැමිණි දෙවරකදී ම බුදුන් වහන්සේ විසින් එය වළක්වන ලදී. තුන්වන වර පැමිණි විඩූඪභයන් දැනට සගරවා නමින් හැදින්වෙන ස්ථානයේදී මහානාම ශාක්‍ය රජු හා තවත් කීපදෙනෙකු හැර ඉතිරි සියලූ ම ශාක්‍යයන් සමූලඝාතනය කර වළකට දමන ලදී. එම ස්ථානය පොකුණක් සේ ගඩොලින් බැද ඇති අයුරු අද පවා දැකගත හැක. නොමැරී ජීවත් වූ පිරිස කදුකර ප‍්‍රදේශයට පළාගිය අතර අදටත් කත්මණ්ඩු, භූටෝල් හා පල්පා ආදී කදුකර ප‍්‍රදේශයන්හි ශාක්‍ය වංශිකයින්ගෙන් පැවත එන්නන් ජීවත් ව සිටිති. ඔවුන් ධනධාන්‍යවලින් පොහොසත් ය. රන්, තඹ ආදී වටිනා ලෝහයන් සම්බන්‍ධ ව්‍යාපාරවල හෝ හෝටල් පාලනයෙහි යෙදීම ඔවුන් වැඩි පිරිසකගේ ජීවනෝපායය යි. නේපාලයේ කපිලවස්තු ප‍්‍රදේශයෙන් පළාගිය පිරිස ඉන්‍දියාවේ දැනට කපිලවස්තු පුරය යයි හැදින්වෙන පෙදෙසට සංක‍්‍රමණය වී නිවාස ඉදිකරගෙන පදිංචි වූ බවට මතයක් ඇති නමුදු, එය තහවුරු කිරීමට තරම් ප‍්‍රබල සාක්‍ෂියක් ලැබී නැත.

බුදුන් වහන්සේ 20,000ක් මහ රහතන් වහන්සේලා සමග කපිලවස්තු පුරයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩ වාසය කළ බැව් කියවෙන හෙයින් ඒ 20,000 ක් දෙනා වහන්සේට නැවතීමේ පහසුකම් එම ස්ථානයෙහි තිබිය යුතු ය. එහෙයින් නේපාලයේ නිග්‍රෝාරාමයේ කොටසක් ඉන්‍දියාවේ ද පිහිටියා විය හැක. සර්වඥ ධාතන් වහන්සේලා ඉන්‍දියාවේ කපිලවස්තුවෙන් ලැබුණු බැව් සැබෑ වුවද (ශී‍්‍ර ලංකාවේ දන්ත ධාතුව භාර ව සිටින්නාක් මෙන්) අද දක්වා ම සර්වඥ ධාතූන් වහන්සේලා හැමවිට ම භාර ව සිටින්නේ මහා සංඝයා වහන්සේලා හෙයින්, මෙසේ හමුවූ සර්වඥ ධාතු ඉන්‍දියාවේ භික්‍ෂූන් වහන්සේලා භාරයේ තිබුණා විය හැක. ඒ අනුව ඒවා හමුවූ ස්ථානය ඉන්‍දියාවේ නිග්‍රෝධාරාමය වශයෙන් තහවුරු කිරීම අපහසු ය.

මේ අනුව සැබෑ කපිලවස්තුව නේපාලයේ බැව් ඉ`දුරා ම පැවසිය හැක.

irl+m <s`o kñka fidhd.kakd ,o ia:dkh ud,s.dj msysá m%foaYfha isg ¨ïìKsh olajd tk w;ru.oS yuqfõ’ CI;s%h hqoYs,am fkdokakd wfhl=g hfYdaordjka újdy lr oSu iïnJOfhka ke.=Kq wNsfhda. yuqfõ isÿy;a l=ure úiska Ys,am oelaùfïoS” Tyq úiska úosk ,o yShla fmd<j m<df.k f.dia /`ÿKq ;ek fuh hs’ ore Wm; i`oyd lms,jia;=fõ isg foõoy kqjr ish uõmshkaf.a ksji n,d hdug wdrïN l< uyudhd foaúhg ¨ïìKsfhaoS isÿy;a l=ureka ,eîfuka miqj” foõoy .uk kj;d wdmiq lms,jia;= mqrh n,d hk .ufkaoS” oekg f;!,syjd kñka y`ÿkajk k.rfha wog;a mj;sk ysJÿ foajd,hg f.dia foúhkaf.a wdYs¾jdo ,nd.ekSug is;=Ks’ ^tjlg uq¿ rc mjqf,a  yeu fokd u ysJÿ wd.u weoyQ wh jQy&’ tfy;a foúhkaf.a wdYs¾jdoh ,nd.ekSug l=urejka foaj m%;sudj bosßfha ;enQ úg” foaj m%;sudj l=urejka foig keó .sh nj ckm%jdofha mj;shs’ fuu foajia:dkfha we;s Ysj,sx.h ienúka u Ysj,sx.hla fkdj wfYdal l=¿Kl u fldgila nj fmkS hk w;r” Ysj ,sx.fha fmd<j u;=msg we;s fldgi fuka y;r .=Khl fldgila fmdf<dj hg mj;s;ehs .eñfhda ms<s.ks;s’ tfia u wfYdal wêrdchka úiska lrjk ,o wfYdal l=¿Kq ish,af,a u wdlD;sh ksudj yd fhdod we;s .,a j¾.h tl u neõ fmfkk w;r” tlS l=¿Kqj,g wdfõKsl ,CIK fuu Ysj ,sx.fhao mj;sk fyhska ienúka u fuh Ysj ,sx.hla fkdj wfYdal l=¿Kl fldgila neõ ;SrKh l< yel’ fuu ia:dkh ldYHm nqÿkajykafia Wmka ia:dkh f,i mqrdúoHd{fhda úYajdi lr;s’

fkamd,fha lms,jia;= mqrfha rc ud,s.fhys isg lsf,daóg¾ fol yudrla muK ÿßka ksf.%daOdrdufha kgnqka ;sfí’ tys fmdl=Kla o we;’ rdyq, l=urejka meúos lf<a;a” kJo l=urejka meúos lf<a;a fuu wdrdufhys h’ m%cdm;S f.da;ñh úiska nqÿka jykafiag isjqre msßlr msoSu wdosh isÿjQfha;a” lÀk Öjr mQcdj wdrïN jQfha;a ksf.%daOdrdufha oS h’ ta ia:dkh ye`oskafjkafka Lqodka hk kñks’ OïumoÜGl:dfjys iqoafOdaokjF:qfjys oelajk mßos nqÿkajykafia lms,jia;= mqrhg f.dia {d;Ska úiska fmr.uka fldg ;ukajykafia ms<s.;a miq j” {d;Skaf.a udkh ì|,Su msKsi wyfiys rejka ilaukla ujd tys isg oyï foiQfha;a ^tliañx iufh iF:d mGu.ufkk lms,mqrx .JFjd {d;Sys l;mÉpq.a.ukf;d ksf.%daOdrdux mFjd  {d;Skx udkx ìJokF:dh wdldfi r;kpxlukx ”””””’Oïux fofiis&  iqoafOdaok rcqg W;a;sÜfG kmamufcCOH”””””””’yd Oïux pfr iqpß;x ”””’ hk .d:d fol foaYkd lf<a;a ksf.%daOdrdufhaoS h’ tfia u hfYdaordjf.a Wmfoia wkqj rdyq, l=ure odhdo b,a,d nqÿkajykafia fj; .sfha;a  f,aflda;a;r odhdoh .kqj ^f,dl=;a;r odhÊcx .Kayd;s& hs lshd Tyq j meúos lrjQfha;a” ksf.%daOdrdufhaoS h’ ;jo l=,h myojk NsCIQka w;ßka m%:u ia:dkh ld¿odhs f;rekag oS jodf<a;a ksf.%daOdrdufhaoS h’ ^wmodkÜGl:d – 55 Noaoshj.a.&’ nqÿkajykafiaf.a {d;smsßi iajlSh fY%aIaG {d;shd olskafkuqhs /iaj nÿka jykafiag yd NsCIQkajykafia,dg jik ;eka ksf.%daOdrdufhys lrjd u,a .`o ú,jqka  iys; w;a we;s j” fmr .ukafldg nqÿka jykafia ksf.%daOdrduhg le|jdf.k wd neõ pßhdmsgl wgqjdfjys  wls;a;sj¾.fhys i`oyka fõ’

úvQVNhka úiska ;ukag YdlHjxYSlhska úiska lrk ,o uosmqqxÑlulg m<s.ekSï jYfhka YdlHhka iuQ,>d;khg lms,jF:qjg meñKs fojrloS u nqÿka jykafia úiska th j<lajk ,oS’ ;=kajk jr meñKs úvQVNhka oekg i.rjd kñka ye`oskafjk ia:dkfhaoS uydkdu YdlH rcq yd ;j;a lSmfofkl= yer b;sß ish¨ u YdlHhka iuQ,>d;kh lr j<lg ouk ,oS’ tu ia:dkh fmdl=Kla fia .fvd,ska ne`o we;s whqre wo mjd oel.; yel’ fkdueÍ cSj;a jQ msßi l`ÿlr m%foaYhg m<d.sh w;r wog;a l;auKavq” N+fgda,a yd m,amd wdoS l`ÿlr m%foaYhkays YdlH jxYslhskaf.ka mej; tkakka cSj;a j isá;s’ Tjqka OkOdkHj,ska fmdfydi;a h’ rka” ;U wdoS jákd f,dayhka iïnJO jHdmdrj, fyda fydag,a md,kfhys fhoSu Tjqka jeä msßilf.a cSjfkdamdhh hs’ fkamd,fha lms,jia;= m%foaYfhka m<d.sh msßi bJoshdfõ oekg lms,jia;= mqrh hhs ye`oskafjk fmfoig ixl%uKh ù ksjdi boslrf.k mosxÑ jQ njg u;hla we;s kuqÿ” th ;yjqre lsÍug ;rï m%n, idCIshla ,eî ke;’

nqÿka jykafia 20″000la uy ry;ka jykafia,d iu. lms,jia;= mqrfhys ksf.%daOdrdufhys jev jdih l< neõ lshfjk fyhska ta 20″000 la fokd jykafiag kej;Sfï myiqlï tu ia:dkfhys ;sìh hq;= h’ tfyhska fkamd,fha ksf.%dadrdufha fldgila bJoshdfõ o msysáhd úh yel’ i¾j{ Od;kaa jykafia,d bJoshdfõ lms,jia;=fjka ,enqKq neõ ienE jqjo ^YS% ,xldfõ oka; Od;=j Ndr j isákakdla fuka& wo olajd u i¾j{ Od;+ka jykafia,d yeuúg u Ndr j isákafka uyd ix>hd jykafia,d fyhska” fufia yuqjQ i¾j{ Od;= bJoshdfõ NsCIQka jykafia,d Ndrfha ;snqKd úh yel’ ta wkqj tajd yuqjQ ia:dkh bJoshdfõ ksf.%daOdrduh jYfhka ;yjqre lsÍu wmyiq h’

fï wkqj ienE lms,jia;=j fkamd,fha neõ b`ÿrd u mejish yel’

^mQcH rUqlaje,af,a pkaør;k iajdóka jykafiaf.a ,smshla weiqfrks&

මගේ නේපාලයේ කපිලවස්තුව යන ලිපිය හා බැඳේ.

කපිලවස්තු පුරයේ පිහිටීම පිළිබද ව අද මත දෙකක් පවතී. ඒ අනුව ඉන්‍දියාවේ කපිලවස්තු පුරය බුදුන්වහන්සේගේ ජීවිතයට සම්බන්‍ධ බවට ඇතැමෙක් විශ්වාස කරන අතර, නේපාලයේ කපිලවස්තු පුරය සැබෑ කපිලවස්තු පුරය ලෙස ඇතැම්හු හදුන්වති. බෞද්ධ වන්‍දනාකරුවන්ගෙන් සියයට අනූපහක් ම කපිලවස්තු වන්‍දනාව සදහා සම්ප‍්‍රාප්ත වන්නේ ඉන්‍දියාවට යි. නේපාලයේ ද කපිලවස්තු පුරය නමින් ප‍්‍රදේශයක් ඇති අතර, එය නව කපිලවස්තු පුරය ලෙස හැදින්වේ. ඉන්‍දියානු රජය කියා සිටින්නේ තම දේශ සීමාවේ ඇති කපිලවස්තුව සැබෑ කපිලවස්තුව බව යි. අනෙක් අතට නේපාල රජය ද සිය බල ප‍්‍රදේශයේ ඇති කපිලවස්තුව බුදුන්වහන්සේගේ ජීවිතයට සම්බන්‍ධ සැබෑ කපිලවස්තුව බවට කරුණු දක්වයි. එහෙත් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) සැබෑ කපිලවස්තුව ලෙස පිළිගන්නේ නේපාල දේශ සීමාවේ ඇති කපිලවස්තු පුරය යි. එහෙත් සර්වඥ ධාතූන් වහන්සේලා ලැබී ඇත්තේ ඉන්‍දියාවේ කපිලවස්තු පුරයෙනි. ඉන්‍දියාවේ කපිලවස්තු පුරය යයි හැදින්වෙන සාවියේ දැනට ශුද්ධෝදන රජුගේ මාලිගාව පැවති ප‍්‍රදේශය වශයෙන් හදුනාගෙන ඇති භූමිභාගයට ඉතා ම ආසන්නයේ නිග්‍රෝධාරාමය පිහිටා ඇති බවට පිළිගැනේ. එහෙත් අප බුද්ධිමත් ව විමසා බැලූවහොත්, රජ මාලිගයකට ඉතා ම ආසන්න භූමි ප‍්‍රදේශයක විහාරයක් ඉදිකිරීමට රජ කෙනෙකු කෙසේවත් කැමතිවන්නේ නැති බැව් සිතාගත හැක. එමෙන් ම භික්‍ෂූන් වහන්සේලා ද එවන පරිසරයක විහාරස්ථානයක් ඉදිකරනවාට මනාප වන්නේ නැත.එය රජුටත් භික්‍ෂූන් වහන්සේලාටත් යන උභය පාර්ශ්වයට ම හිරිහැරයකි, කරදරයකි.

නේපාලයේ කපිලවස්තුව නමින් හදුනාගෙන ඇති භූමි භාගය අද තිලෝරාකෝඞ් යනුවෙන් හැදින්වේ. නේපාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අක්කර 15ක භූමි ප‍්‍රදේශයක් ශුද්ධෝදන රජුගේ මාළිගාව පිහිටා තිබූ ප‍්‍රදේශය වශයෙන් නිර්ණය කර වෙන් කර ඇත. මෙම රජ මාලිගය පිහිටි ප‍්‍රදේශය සාමාන්‍ය පොළෝ මට්ටමට වඩා උස් වූ බිම් පෙදෙසක පිහිටා ඇත. සුදොවුන් රජුගේ මාලිගයේ දොරටු වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනට දොරටු 4 ක් සොයාගෙන ඇත. නැගෙනහිර හා බස්නාහිර දොරටු දෙක අසළ කැණීම් කටයුතු දැනට අවසන් කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ගෙන එන ලද අතිනවීන තාක්‍ෂණික උපකරණ මගින් ඉහත සදහන් කළ අක්කර 15ක භූමි ප‍්‍රදේශයේ පොළව යට පරීක්‍ෂා කිරීමේදී , තවමත් පොළව යට විශාල ගොඩනැගිලි පවතින බැව් හෙළි වී ඇත. මේ අනුව සිදුහත් කුමරුට සුඛෝපභෝගී අයුරින් දිවි ගෙවීම පිණිස සුදොවුන් රජු විසින් සාදා දෙන ලද රම්‍ය, සුරම්‍ය හා සුභ යන මාලිගා ද මතුවිය හැක. 1989 දී සිදුකරන ලද කැණීම් කටයුතුවලදී මාලිගාවේ මැද කොටසක් සොයාගෙන ඇත. අදටත් බටහිර දොරටුවේ සිට නැගෙනහිර දොරටුව දක්වා ප‍්‍රදේශයේ, බිම විසිරී ඇති පැරණි ගඩොල් දක්නට ලැබේ. කැණීම් කටයුතු මගින් තව තවත් සාධක සොයාගත හැකි වුවද නේපාල රජයට ඇති සීමිත වත්කම් අනුව කැණීම් කටයුතු සිදුකෙරෙනුයේ ඉතා මන්‍දගාමී අයුරිනි. මේ අනුව අනාගතයේදී පුරාවිද්‍යාත්මක වශයෙන් බොහෝ වැදගත් සොයාගැනීම් ලැබෙනු ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වසර කීපයකට පෙර සිදුකරන ලද කැණීම්වලදී මාලිගාව වටා පැවති පවුර හමුවී ඇත. එම අවස්ථාවේදී හමුවූ භාජන ආදිය, ඊට නුදුරින් ඇති පුරාවිද්‍යා කෞතුකාගාරයේ දැනට තැන්පත් කර ඇත. සිදුහත් කුමරුගේ උපතින් පසු එකුන්තිස්වැනි විය දක්වා සිදු වූ සියලූ සිදුවීම් මෙම මාලිගාව තුළ සිදුවී ඇති බැව් නිගමනය කළ හැක. නැගෙනහිර දොරටුව සිදුහත් කුමරුන් ගිහිගෙයින් නික්මුණු දොරටුව වශයෙන් හදුනාගෙන ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, එය තහවුරු කරමින් ඉංගී‍්‍රසි සහ හින්‍දි භාෂාවන්ගෙන් දැන්වීම් පුවරුවක් ද සවි කර ඇත. නැගෙනහිර දොරටුවේ සිට කිලෝමීටර් කාලක පමණ ඈතින් ගරාවැටණු ස්ථූපය කන්‍ථක අසු ආදාහනය කළ ස්ථානය වශයෙන් හදුනාගෙන තිබේ. නැගෙනහිර දොරටුවට වම්පසින් කිලෝමීටර් 2ක් පමණ ඈතින් ස්ථූප දෙකකි. එකක් විශාල ය . අනෙක් ස්ථූපය තරමක් කුඩා ය. විශාල ස්ථූපය ඇති ස්ථානය සුදොවුන් රජු ආදාහනය කළ ස්ථානය වශයෙන්  ද අනෙක් ස්ථූපය මහමායා දේවිය ආදාහනය කර ඇති ස්ථානයේ ගොඩනැගූවක් වශයෙන් ද පිළිගැනේ. මාලිගාව අසළින් ගලා යන ගග පෙර භාගිරතී යනුවෙන් හැදින්වුණු අතර, දැන් හැදින්වෙන්නේ භාණු ගංගාව නමිනි.

බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ ඉපදුණු ග‍්‍රාමය පිහිටා ඇත්තේ හිමාලය කදු වැටිය පාමුල යයි දක්වා ඇත (සූත‍්‍ර නිපාතය 422 ගාථාවේ සිට 426). උන්වහන්සේ ලූම්බිණියේ උපත ලැබුවද උන්වහන්සේගේ දෙමව්පියන් ජීවත්වූ බිම් පෙදෙස වූ කපිලවත්‍ථුව ගම වශයෙන් හැදින්වීම සාධාරණ ය. එහෙයින් එය ඉන්‍දියාවේ නොව නේපාලයේ පිහිටි බැව් උපකල්පනය කළ හැක. එසේ ම කපිලවත්‍ථුව – ලූම්බිණිය – දෙව්දහ නුවර යන බුද්ධචරිතයට සම්බන්‍ධ ස්ථාන තුන ම එකිනෙකට ආසන්න ව එක ම දේශයක් තුළ පැවතිය යුතු ය. දැනට ලූම්බිණිය හා දෙව්දහ නුවර නේපාලයේ ඇති බැව් තහවුරු වී ඇති හෙයිනුත් , ඉන්‍දියාවේ ලූම්බිණියක් හෝ දෙව්දහ නුවරක් නොමැති හෙයිනුත්, බුද්ධචරිතයට විශේෂයෙන් ම සිදුහත් කුමාර චරිතයට සම්බන්‍ධ කපිලවත්‍ථුව ද නේපාලයේ පිහිටි බැව් උපකල්පනය කළ හැක.

(පූජ්‍ය ආචාර්ය රඹුක්වැල්ලේ චන්‍ද්‍රරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි. ඉන්‍දියාවේ හා නේපාලයේ කපිලවස්තු පුර දෙක අතර ඇති සම්බන්‍ධතාව මීලඟ ලිපියෙන්)

mQcH wdpd¾h rUqlaje,af,a pJør;k ysñ

My Phoneමම අලූතෙන් ගත්ත ෆෝන් එක තමයි මේ තියෙන්නෙ. මේක සෝනි එරික්සන් w910i කියන එක. මට මේකට සිංහල දාගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මම ඒක කරන්නෙ කොහොමද කියල දන්නෙ නැහැ. දන්න කෙනෙක් උදව්වක් කරන්න.

සෑහෙන කාලයකට පස්සෙ ලියන්න පටන් ගත්තෙ. පහුගිය දවස්වල සෑහෙන්න වැඩ තිබුන. සති දෙකක් විතරම කත්මණ්ඩු වල ඉන්න සිද්ධ වුනා. නේපාලයේ කාර්යාල පටන් ගන්නෙ 10.00 ට. හවස 05.00 ට වහනවා. ඉතින් හවසට කරන්නෙ කත්මණ්ඩු වල ඇවිදින එක. දැන් කත්මණ්ඩු නිකන් කොළඹ ඇවිදිනව වගේ වෙලා. ඒ තරමටම පාරවල් එහෙම දැන් දන්නවා. ඇවිදිද්දි හමුවුන සුන්දර දේවල් වලින් එකක් ගැන තමයි මේ ලියන්න යන්නෙ. එ තමයි කත්මණ්ඩු වල සුන්ධරා හි භිම්සෙන් කුළුණ.sundhara 01

පුරාණ කාලයේ අපේ සිටුවරු වගේ නේපාලයේ ඉඳලා තියෙනවා රානාවරු කියල කට්ටියක්. එයාලා සුපිරි ජීවිත ගත කරලා තියෙන්නෙ. එයාලට සල්ලි ඇතුළු සියළුම සැප සම්පත් තිබිලා තියෙනවා. ඉන් එක් කෙනෙක් තමයි නේපාලයේ ප‍්‍රථම අගමැති වුන භිම්සෙන් තාපා. ඔහු තමන්ගෙ පෞද්ගලික සල්ලි වියදම් කරල මේ කුළුණ හදලා තියෙන්නෙ. ප‍්‍රථමයෙන්ම මේක හදලා තියෙන්න 1825 දී ෂා රැුජිණක් වූ ලලිත් ත‍්‍රිපූරා සුන්දරී වෙනුවෙන්. මුල් කාලයේ මේක උත්සව සඳහා, වැදගත් අවස්ථා සහ පණිවුඩ කත්මණ්ඩු නිම්න වැසියන්ට නිවේදනය කිරීම සඳහා පාවිච්චි කරලා තියෙනවා.

sundhara 02
1934 ඇති වූ භූමිකම්පාවකින් මෙහි මූලික සැකිල්ල විනාශ වෙලා තියෙනවා. එවකට නේපාලයේ අගමැති වූ ජුද්දා ෂම්ෂේර් නැවත ඉදිකර තියෙනවා. එහෙත් නැවත ඉදිකරද්දී එහි උස කිසියම් ප‍්‍රමාණයකින් අඩුවී තියෙනවා.

මෙහි උස මිටර් 61.88 එනම් අඩි 203 ක්. වක‍්‍රාකාර පඩි පෙලෙහි පඩි 213 ක් තියෙනවා. මෙහි උඩම තට්ටුවේ ශිව ලිංගයක් තියෙනවා වන්දනා කිරීම සඳහා. මෙය සැලසුම් කර ඇත්තෙ මෝගල් සහ යුරෝපීය ගෘහ නිර්මාන ශිල්ප ඇසුරු කරගෙනයි.