Feeds:
Posts
Comments

අපේ ගෙදරට මේ ඊයෙ පෙරේදා ආවා අලූත් අමුත්තො දෙන්නෙක්. එක්කෙනෙක් නම් ඔයාලා අඳුරනවත් ඇති. ඒ වුනාට මේ අනිත් එක්කෙනා……??
එයාව මමනම් මීට කලින් දැකලවත් නැහැ. මමත් මෙයාව අඳුරගන්න ආසයි. ඔයාල කවුරුහරි මෙයාව අඳුරනවනම් මටත් පොඞ්ඩක් කියනවද …..

මේ මංගල උත්සවය මම අගොස්තු මාසෙ තමයි කලේ. ඒත් ඔන්න දැන් තමයි ඔයාලට බලන්න දාන්න වෙලාවක් හම්බ වුනේ. කලවම් වුනාට වැඩිය ගණන් ගන්න එපා…… මේ දවස් වල අම්බානකට බිසී අවුරුද්දෙ අවසානය නිසා. ගිණුම් හදන්න, ගිණුම් පරීක්‍ෂා කරල බලන්න. වාර්තා හදන්න. ඊලග අවුරුද්දෙ සැලසුම් හදන්න….. වැඩ කෝටියයි. තරහ වෙන්න එපා….. ජනවාරි 06 වෙනකම්. ඊට පස්සෙ ගොඩක් තොරතුරු තියෙනවා ලියන්න. හැමෝටම සතුට, සාමය, සැනසිල්ල පිරි සුභම සුභ අලූත් අවුරුද්දක් වේවා…….

පසුගියදාක මට මගේ පාසලට නැවත යාමේ අවස්ථාවක් ලැබුනා. එහිදී ගත්තු ඡයාරූප කිහිපයක්….. අපි නොදැනීම අපි වයසට ගිහින්……. ඒ වගේම අපි අතීතයට හිතින් දුවගෙන යනවා…….

ලියන්න නම් දේවල් බොහොමයයි. දැන් ආයතනයේ ව්‍යාපාර අංශය භාරව ඉන්න නිසා ඇත්තටම කාලවේලාව නම් අන්තිම අඩුයි. මූණුපොත පැත්තෙත් දවසකට එක පාරක් වගේ තමයි සැරිසරන්න වෙන්නෙ. මට හිතෙන හැටියට නම් මම මේ ලියන්න යන දේ ගැන සෑහෙන විස්තරයක් ලියන්න වෙයි වගේ. මගේ පුත‍්‍රයව දාන්න ගිය මොන්ටිසෝරිය මගෙ පංතියෙ අතිජාත හිතවතියක් (මචං කෙනෙක්) තමයි කරන්නෙ. මේක ලියන්න හිතුනෙත් එයා මට කියපු කථාවක් නිසා. ඒක බොහොම පරණ කථාවක් වුනාට මම ලියන්නෙ ඒක නෙවෙයි.

වැඬේ කියන්නෙ කාලෙකට පස්සෙ මට ඇප්ලිකේශන් එකක් පුරවන්න වුනා පුත‍්‍රයව භාර දෙන වෙලාවෙ. මම කිවුවා ‘‘මගේ අකුරු නම් ඇත්තටම දැන් නම් කැත වෙලා බං’’ කියලා. ඒ ඇසුරින් මට හිතුන තවත් එක් දෙයක් කියවල බලන්න.

ඉස්සර ආදරය කරපු අය සහ අද ආදරය කරන අය සන්නිවේදනය කරන හැටි පිළිබඳ සංසන්දනයක් කරල බැලූවොත් කොහොමට තියෙයි ද?
රජ කාලෙ නම් ඉතින් රජතුමා තමන්ට කැමති කෙනෙක් ටක් ගාලා තමන්ගෙ අන්තඃපුරයට ගෙන්න ගත්තලූ. (අනේ එහෙමත් වාසනාවක්) ඒ කාලෙත් අපි ඔය දැන් කියනව වගේ සමනල් කථා බිසවුන්නාන්සේලාට කියන්න ඇති නේද.

මම මේ කියන්නෙ මට මතක කාලෙ ඉඳලා. පස්සෙ මේ නවසිය අනූ ගණන් වල මුල නම් ප‍්‍රධානම වැඬේ වුනේ කෙල්ලට කොහොම හරි ඇඞ්රස් එකක් දී ගන්න එක. ඒකත් ගෙදරට අහු නොවෙන අනුන්ගෙ එකක්. එහෙම එකක් හොයා ගන්න එකත් සෑහෙන ලොකු ගේමක්. ඉස්සර අපි ටි‍්‍රප් එකක් එහෙම යනකොට ඇඞ්රස් ලියපු කොලකෑලි එහෙම අනිවාර්ය අංගයක්. ලියුමක් ආවත් නැතත් ඇඞ්රස් එක කෙල්ලෙක් අහුලගත්තොත් ඇති. ඔය කාලෙ තමයි මම අපේ පංති වල ලිපි ලිවීමේ අංශය භාරව හිටියෙ. මට සෑහෙන්න  ඕඩර්ස් තිබුනා මොකද අනිත් හැම කොල්ලගෙම අකුරු වලට වඩා මගේ අකුරු ලස්සන නිසා. එකම ලියුම කිහිපදෙනෙකුටම දීපු අවස්ථාත් නැතිව නෙවෙයි. ලස්සන වැඬේ කියන්නෙ මම යාලූවෙන්න අහපු කෙල්ල මට කිවුවේ ‘‘අයියෙ, ඔයා ඔය කාටවත් කියල ලියුම් ලියන්නෙ නැතුව ඔයාම ලියල එවන්න කියල’’ ඒ තරමටම අපේ ඉස්කෝලෙ මගෙ අත් අකුරු ජනප‍්‍රිය වෙලා තිබුනා. මම හිතන්නෙ එයාටත් මම ලියපු එකක් කවුරුහරි දෙන්න ඇති.

පස්සේ පස්සේ ලිපි ලිවීම සෑහෙන්න ජනප‍්‍රිය වුනා. අතේ තැපැල් තමයි ඉතින් ආරක්‍ෂිත මාර්ගය වුනේ. කෙල්ලෙකුට ලියුමක් දුන්න කියන්නෙ ඉතින් ඊට වැඩි දෙයක් නැහැ. පොත් අස්සෙ දාලා, අතේ හංගගෙන ගිහින්, කැසට් පීස් එකක් අස්සෙ දාලා, කෝඩිනේටර් කෙනෙක් හරහා යවන ලියුමක් ඉතින් ලෝකෙටත් එහා. ඒකට එන උත්තරයක් ගැන කියල වැඩක් නැහැ. ඔහොම ගිය මේකට අනූ ගණන් වල මැද භාගයේ ස්ථාවර දුරකථනය එකතු වුනා. ඒත් ඉතින් ගෙවල් වල කොහෙද ටෙලිපෝන්. කොමියුනිකේශනුත් හැම තැනම තිබුනෙ නැහැනෙ. මට මගේ බිරිඳත් හම්බවෙන්නෙ ඔන්න ඔය ස්ථාවර දුරකථන ගෙවල් වලට ලැබෙන්න පටන් ගත්තු 1998 වගේ කාලයේ. ඊට වැඩියෙ ඒ ගැන ලියන්න හොඳ නැහැනෙ.

අනේ ඉතින් අපිත් කොළඹට වෙලා ඉන්න කාලෙ  ඕන්න 13500/- ක්ම දීලා ඇල්කටෙල් මොබයිල් එකක් ගත්තා. ඒ වුනාට ඉතින් කෝල් වල ගණන්. ඒ කාලෙ රීලෝඞ් නැහැ. 400 කාඞ් විතරමයි. හැම තැනකටම වැඩ කරන්නෙත් නැහැ. මමයි මගේ බිරිඳයි දුරකථනයෙන් සෑහෙන්න කථා කලා. එයාටම කියල එකක් මම අරන් දුන්නෙ 2001 විතර.

ඔන්න ඊට පස්සෙ ආවෙ දුරකථන ආදරය. මල් කැඩිල්ල. මේ ආදරය කිරිල්ල 2008 විතර වෙනකන් සෑහෙන්න දරුණුවට ආව මම දන්න හැටියට. ඒත් දැන්……. අපි ඔක්කොම වර්චුවල් වැඩ. කිසිම කෙනෙක් හම්බවෙන්නෙ නැහැ. ඒත් ලග ඉන්නවා වාගේ හැමතිස්සෙම. ලෝකය කුඩා වෙලා. මිනිස්සු වන අපි ඈත් වෙලා.

මගේ අකුරුත් කැත වෙලා. ලිපියක් ලියන්න සමනල් අදහස් එන්නෙත් නැහැ. හොරෙන් ඇඞ්රස් එකක් දෙන්න හිතෙන්නෙවත් නැහැ. එස් එම් එස් එකකට උත්තර ලියන්නෙත් බොහොම කලාතුරකින්. කෝල් එකක් දෙන්නෙත් අවශ්‍යතාවයකට විතරයි. මූණුපොතේ……. ඒක කරන්න බැහැනේ. නීතිවිරෝධියි.

හැබැයි……. මීට අවුරුදු 15 – 20 ට කලින් මේ වයර්ලස් තාක්‍ෂණය තිබුනනම්…… අපේ ජීවිත මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුනා…….. දැන් ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ……. අපි පරක්කු වැඩිද මන්ද……..

 

මේ ඡයාරූප සියල්ලම පවතින ආලෝක තත්වයන් යටතේ රාත‍්‍රී කාලයේදී ගතතු ඒවා. බලන්න හොඳයිද කියලා…..

ප.ලි.

මෙය මගේ සියවන ලිපියයි………

මා සමග මගේ තොරතුරු බෙදා ගත් සැමටම ස්තූතියි…….

කලකට පෙර නැතිවීම ගැන දුක් නොවෙමි…..

කලකට පසුව ලැබීම ගැන සතුටු වෙමි…..

හලාවත ප‍්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබූ සෙල්ලිපියක් මා මිත‍්‍ර ඬේවිඞ් ඉන්දික සොයුරාට හමුවී තිබෙනවා. මේ පිළිබඳ හලාවත ප‍්‍රාදේශීය ලේකම්තුමියට ද දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව මේ දිනවල ඔහු කටයුතු කරමින් සිටිනවා. විද්‍යුත් මාධ්‍ය වලට දැනුම් දී තිබුනත් ඔවුන් මෙය ප‍්‍රවෘත්තියක් ලෙස හුවා දැක්වීමට මදක් මැලිකමක් දක්වන බවයි ආරංචි. මෙය පිළිබඳව ඓතිහාසික තොරතුරක් දැනට ඔහු සතුව නැතත් අපේ සංස්කෘතික හා අතීත උරුමයන් රැුකගත යුතු බවටයි ඔහුගේ අදහස.

මෙහි ඡුායාරූප පහත දැක්වෙනවා. මේ පිළිබඳව ලංකාදීප පත‍්‍රයේ සහ ඬේලිමිරර් පත‍්‍රවල වාර්තා ද පහත දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් කථා කළ හැකි අයෙක්, ආයතනයක් ඒ වාගේම උනන්දුවක් දක්වන අයටත් අපේ ඬේවිඞ් ඉන්දික සොයුරා සමග මෙතැනින් සම්බන්ධ විය හැකියි.

අපි හැමෝම අපේ උරුමයන් වෙනුවෙන් පෙළ ගැහෙමු !..

මේක අපි අලූතින් ලංකා සුළු ධීවර සම්මේලනයේ ‘‘සුධීස’’ අවන්හලට අලූතෙන් කරපු බෝඞ් එක. අපේ අවන්හල තියෙන්නෙ කොළඹ – හලාවත පාරෙ 65 වන කිලෝමීටර් කණුවට පොඞ්ඩක් හලාවත පැත්තෙ. පහුගිය ටිකේ අවන්හලේ ගොඩක් වෙනස්කම් අපි සිදුකලා. ඇවිත් කාලම බලන්න……

මිනිසුන් වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත.
ඉන් එක කොටසක් වැඩ කරන අයයි.
අනෙක් කොටස ඒ සඳහා ලකුණු දා ගන්නා අයයි.

මගේ පියා මට නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටස වී සිටින ලෙසයි.
එයට හේතුව, වැඩ කරන මිනිසුන් අතරේ තරඟයක් නැති බැවිනි.

තරඟය ඇත්තේ වැඩ නොකර ලකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැවිනි.

මහත්මා ගාන්ධි – (1869 – 1948)

කෘත‍්‍රීම ආලෝකය (කතරගම දේවාලය ඇතුලත)

ස්වාභාවික ආලෝකය

ආදරයත් හරියට වැස්ස වගේ කියල සමහරු කියනවා. ඕන වෙලාවට නැහැ. ඕන නැති වෙලාවට හදිසියෙම එනවලු. ටාජ්මහල් කියන්නෙ ආදරයේ සංකේතය කියලනෙ කියන්නෙ. මේ ටාජ්මහල් වලට වහින්න ලෑස්ති වුන වෙලාවක්. ​බුද්ධාගම්කාරයෙක් විදිහට සාජහාන්ල, මුම්ටාස්ල එක්ක මොන මොන ගැටලු තිබුනත් ටාජ්මහල් ඈත්තටම බලන්න වටින පුදුමයක් තමයි. මේකත් ආදර වැස්සක් ද දන්නෙ නැහැ ටාජ්මහල් වලට වහින්න යන……

දුටුගැමුණු රජුන්ගේ අති විශිෂ්ඨ නිර්මානයක් වූ රුවන්වැලි මහා සෑයේ තැන්පත් කිරීමට ධාතූන් වහන්සේලා රැගෙන ආ බව කියවෙන්නේ කෝලිය දේශයෙන්. වැඩිපුර තොරතුරු සදහා මගේ යසෝධරාවගේ ගමට ලිපිය කියවන්න

Technical Details – f/6.3, Exposure 1/160 sec, ISO 200, Camera – Nikon D40

මේ ඇඳුම් දෙක ලෝකයේ ප‍්‍රසිද්ධම දෙදෙනෙක් අවසන් වරට ඒ කියන්නෙ එයාල මැරෙන කොට ඇඳගෙන හිටපු ඇඳුම් දෙකක්. මේක තියෙන්නෙ ඉන්දියාවෙ නව දිල්ලි වල ඒ ගොල්ලන්ගෙම ගෙදර සංරක්ෂණය කරලා.

මේ ඇඳුම තමයි ඉන්දිරා ගාන්ධිට වෙඩි වැදුන වෙලාවෙ ඇඳගෙන හිටියෙ

මේ ඇඳුම තමයි රජීව් ගාන්ධිට බෝම්බෙ වැදුන වෙලාවෙ ඇඳගෙන හිටියෙ

මේ ඇඳුම් දෙකම ඉන්දියාවේ නව දිල්ලි නුවර ගාන්ධි පවුලේ නිවසේ සංරක්‍ෂණය කර තිබෙනවා. එම නිවස දැන් කෞතුකාගාරයක් විදියට තමයි පවත්වාගෙන යන්නෙ. ඒ ගැන විස්තර පසුව ලියන්නම්

Technical Details – f/5.6, Exposure 1/200 sec, ISO 200, Camera – Nikon D40

මේ ඡායාරූපය මම ගත්තෙ ඉන්දියාවේ අග්රා වල තියෙන ටජ්මහල් සමීපයේ දී. පාට නිසා අපේ ලෝකය කොච්චර සුන්දර වෙනවද…….. හදිසියෙවත් මේ ලෝකය කලු සුදු වුනොත්? පිස්සු හැදෙයි නේද……

මේ ඡායාරූප පෙළ බොහෝ කාලයක් තිස්සේ මම ගත්තු ඒවායේ එකතුවක්. මේවායින් විවිධ ආකාරයේ හැගීම් පිළිබිඹු වන බවයි මටනම් වැටහෙන්නේ. ඡායාරූපය උඩට මවුස් ගෙන ගියාම විස්තරය බලා ගන්න පුලුවන්. බලලම යමක් ලියන්න…………

මේක මම කරපු තවත් මංගල උත්සවයක්. මේක නම් ඡායාරූපගත කරලා මම හිතන්නෙ දැන් අවුරුදු 2 විතර ඈති. බලන්න. අදහසක් දෙන්න. අනිත් කාරණාව මේක ඩිජිටල් කැමරාවකින් කරපු එකක් නෙවෙයි ඔන්න. මේක කෙරැවෙ මම ගාව තියන කැනොන් EOS 5 කියන සාමාන්‍ය SLR කැමරාවෙන් ISO 100 රෝල් දාලා……..

Camera Model – Nikon D40

Camera Model – Nikon D40

මම ඉතින් ආයිමත් මගුල් උත්සව ඡායාරූප ගත කිරීම පටන් ගත්තා කියල කිවුවනෙ. ඔන්න ඉතින් ආයිමත් එකක් කරා. මේ තියෙන්නෙ ඒකෙ තෑන්කින් කාඩ් එක. (ඒකට සිංහලෙන් කියන්නෙ මොකක්ද දන්නෙ නැහැ. ස්තූති කිරීමේ පත ද?). මේකෙ ගත්තු ඡායාරෑප කිහිපයකුත් දාන්නම් පසුව. අඩුපාඩු එහෙම තියෙනවනම් හදා ගන්න බලාගෙනයි ඉන්නෙ. අදහසක් දීලා යන්න.

අපි හැමදාමත් හැමදෙනාගේම ඡායාරූප ගන්නවා. ඒවා සමහරවිට සුන්දරයි. සමහර විට බලු වටින්නැති ඒවත් කැමරාවෙන් වදිනවා. ඒක ඉතින් වාසනාව කියල තමයි මම නම් හිතන්නෙ. මම පසුගිය දිනක මළ ගෙදරක ගිය වෙලාවක දැනුන දෙයක් නිසා තමයි මේ ඡායාරූපය ගත්තෙ.

මේක මගේම ඡායාරූපයක්. හදිසියෙවත් මළොත් පෙට්ටිය ගාවවත් තියන්න එකක් නැතිවෙයි කියලයි ගත්තෙ. ගත්තෙ මගේ යාලුවෙක්. ලස්සන වැඩේ කියන්නෙ එයා ඡායාරූපශිල්පියෙක් නොවන එකයි. බලලම අදහසක් දෙන්න………………….

ඕන් ආයෙත් මම මංගල උත්සව ඡායාරූපකරණය පටන් ගත්තා. මම අවුරුදු දෙකක් විතර මේ සබ්ජෙක්ට් එක නතර කරලයි තිබුනේ. ඒත් හදිසියෙම  ආයෙත් කරන්න ඕනා කියලා හිතුනා. ඉතින් කලා. එච්චරයි. මේ තියෙන්නෙ ඉන් එකක තෑන්ක්ස් කාර්ඩ් එකක්. බලන්න. හුග දවසකින් පෝස්ට් එකකුත් ලිවුවේ. ඒ තරමටම කාර්ය බහුල වෙලා ඉන්නෙ. ලගදි ආයෙමත් නේපාලෙත් ගිහින් ආවෙ වැඩ වගයකට. විස්තරත් තියෙනවා.වැඩි විස්තර පසුවට.

කාලකෙට පස්සෙ මගේ හිතවතියකගේ මගුලක් පොටෝ ගැහැව්වා. මෙ තියෙන්නෙ ඒවායෙන් කරපු නිර්මාන ටික. මේ වගේ ඒවා බොහොමයක් තිබුනා මා ගාව. මගේ ගොම්පුටරේ හබක් වුනායින් පස්සෙ ඒවත් හබක් ම වුනා.

මේ සියලූම ඡායාරූප මා විසින් ගනු ලැබූ ඒවාය

BMW : Brings Me Women
FIAT : Failure in Italian Automotive Technology
FORD : For Only Rough Drivers
HYUNDAI : Hope You Understand Nothing’s Drivable And Inexpensive
VOLVO : Very Odd Looking Vehicular Object
PORSCHE : Proof Of Rich Spoiled Children Having Everything
KIA : Kills In Accidents
OPEL : Old People Enjoying Life
TOYOTA : The One You Only Trust, Always
GOLF/GTI : Girls Only Love Fun / Get Them Inside
HONDA : Hanged Over, Now Driving Away

2010 අලුත් අවුරුද්ද සැමටම සතුට, සාමය පිරි කිරි පැණි ඉතිරෙන සුභම සුභ වේවා