ඔන්න මම ගියා යසෝධරාවගේ ගමට. ඒ කියන්නෙ කෝලිය රාජධානියෙ දෙව්දහ නුවරට. මේක තියෙන්නෙ නේපාලයේ නවල්පරාසි කියන ප්‍රදේශයේ. පරාසි තමයි අදාළ දිස්ත්‍රික්කය. මෙය පිහිටලා තියෙන්නෙ ලූම්බිණියට කිලොමීටර 30 පමණ නැගෙනහිර පැත්තෙන්. කපිලවස්තුව පිහිටලා තියෙන්නෙ ලූම්බිණියට කිලොමීටර 27 පමණ බටහිර පැත්තෙන්. දෙව්දහ නුවරත්, කපිලවස්තුවත් හරි මැදින් වගේ තමයි ලූම්බිණි සල් උයන පිහිටලා තියෙන්නෙ.
දේවදහ කියන ප්‍රදේශය අද හඳුන්වන්නෙත් දේවදහ සහ රාම්ග්රාම් කියලයි. මගේ තිබුන පරණ මොබයිල් එකේ ඔන්න ඔහොම දෙව්දහ කියලා කණුව වැටිලා තිබුනා.
කොහොම වුනත් බෞද්ධයන් හැටියට අපිට බොහොමත්ම වැදගත් තැනක් වුනාට නේපාල ජාතිකයන්ට සහ එම රජයට මෙය තවත් එක් සංරක්ෂණය කළ යුතුව තියෙන තැනක් විතරයි. අපේ වන්දනා නඩ නම් මෙතැනට යන්නේම නැහැ. එක් වරක් අපේ කථානායකතුමා ආපු වෙලාවක කපිලවස්තුවටයි, දෙව්දහටයි යන්න මම උදව් කලා. බොහෝ අයට මම මේ ගැන කිවුවත් අවධානය නම් යොමු කරවගන්න බැරිවුනා.
කෝලිය පරම්පරාව ආරම්භ වෙන්නෙ ‘කෝල’ කියලා ගහක් සම්බන්ධ කරගෙනයි. බරණැස හිටපු කුමාරයෙකුට සුව කළ නොහැකි කුශ්ඨ රෝගයක් හැදුන නිසා ඔහුව මෙම කැලයට පිටමං කරලා තියෙනවා. ඔහු ජීවත් වෙලා තියෙන්නෙ මේ දේව්දහ නුවර කිට්ටුව තිබුන ගල් ගුහාවක. මේ අතර වාරයේ දී ශාක්‍ය ජනපදයෙත් මෙවැනිම රෝගයකට ගොදුරු වූ කුමාරිකාවක් මෙම ප්‍රදේශයට පිටමං කර තිබෙනවා. කැලේ ආහාර සොයා ගෙන යන බරණැසින් ආපු කුමාරයාට මෙම කුමාරිය හමුවී තිබෙනවා. ඔවුන් කැලේ තිබුන එක්තරා ගහක කොල ආහාරයට ගැනීමෙන් ඔවුනගේ එම කුෂ්ඨ රෝගය සුව වී තිබෙනවා. එම ගහ තමයි ‘කෝල’ නමින් හැඳින්වෙන්නේ. එම නමින්ම කොලිය වංශය ආරම්භ වූ බවට තමයි සැලකෙන්නේ. දැනට මෙම ප්‍රදේශයේ පමණක් මෙම කෝල ගස් දැක ගන්නට පුලූවන්. ඒත් ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක්. හදා වඩා ගැනීමට ඉතාමත් අසීරු ගසක් ලෙසයි මෙය සැලකෙන්නේ.
මෙතැන ගරා වැටුන විශාල චෛත්‍යයක් තිබෙනවා. මෙය බුදුරදුන්ගේ පිරිනිවීමෙන් අනතුරුව කෝලිය රාජ්‍යයට ලැබුන ධාතුන් වහන්සේලා නිධන් කර සැදු චෛත්‍යය බවට තහවුරු කර තියෙනවා. අශෝක රජුන් බෞද්ධයකු වී වෙහෙර විහාර 84000 ක් සැදීමේ දී බුදුරදුන්ගේ සියලූම ධාතුන් වහන්සේලා එක් තැනකට එකතුකර නැවත බෙදා හැරිය බවයි සැලකෙන්නේ. එහෙත් මෙතැනට අශෝක රජුන් පැමිණෙන විට මෙය කැලෑ සතුන්, නාගයන් සහ යක්ෂයන් විසින් ආරක්ෂා කල බවත්, එම නිසා අශෝක රජුන්ට ආපහු හැරී යාමට සිදුවූ බවක් පොත පතෙහි සඳහන්.
මම මගේ හිතවතෙක් සමග එකතු වී නේපාල රජයට සැලසුමක් ඉදිරිපත් කලා දෙව්දහ සංවර්ධනය කිරීම පිළිබඳව. එහිදී මගේ නේපාල ජාතික මිතුරා; බෙජනාත් චෛෟදරී, මධ්‍යම කාරක සභික, නේපාල කොන්ග්රස් පක්ෂය, මේ සඳහා ලියවිල්ලක් ඉදිරිපත් කලා. මට එහිදී හරිම අපූරු තොරතුරක් ලැබුනා.
ඒ අනුව, අපේ දුටුගැමුණු රජතුමා මෙතැනට පැමිණ තිබෙනවා. පොත පතෙහි සඳහන් වන ආකාරයට එතුමා පැමින තියෙන්නේ අපේ රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීම් යන අතරතුරේදී. ඔහු මෙතැනට පැමිණිවිට මෙහි සිටි සියලූම කැලෑ සතුන්, නාගයන් සහ යක්ෂයන් ඉවත් වී මෙම චෛත්‍යයේ දොර විවර වී සියලූම ධාතුන් වහන්සේලා දර්ශනය වී තිබෙනවා. අපේ දුටුගැමුණු රජතුමා මෙතැනින් රුවන්වැලි සෑයේ තැන්පත් කිරීම සඳහා අස්ථි ධාතුව රැුගෙන ගොස් තියෙන්නේ සුවිශාල වූ පෙරහැරකින්. මා පසුව තොරතුරු සෙවූ විට පොත් පත් වලින් මෙම තොරතුරු තහවුරු කර ගැනීමටත් හැකි වුනා.
මගේ නේපාල මිතුරා ලිවූ ඉංග්‍රීසි ලිපියේ අදාළ කොටසත් බලන්න.
According to scripture of Baudda after the decease of lord Gautam of Bauddha for doing funeral ceremony of his dead body the taken contemporaries kings Dhatus … magadh, lichhivi of Baisali, shakya, wali of kapilvasti, Brahmin of Bedadip, Malla of pawa and Liya of Ramgram gathered into this place for doing funeral ceremony the dead body turns into pearl shaped sight pieces and it was named as Asthi metal. There was debate among the king to get Asthi metal which this Acherya Dorna a royal family member suggested to divide Asthi metal into equal parts and it was divide into eight different parts.
From those Asthi metals eight different Stupas were contracted in respective places patana, katiher, Tilaurakot, Ilahabad, Bhopal, Gorakhpur, kusinagar and Ramgram. Later, Emperor Ashok entered into Buddhism and tried to collect all eight places metal into one place and planned to build Stupa with eighty four thousand. He collected metals from seven different places and arrived to Ramgram to draw Asthi metal But he was incapable to do so because there was panoramic jungle where wild elephants along with Nagraj used to worship this place they did not allow to draw Asthi metal from there. After that witch the inclusion of seven Asthi metal he made 84 thousand Stupas. With the eight different places the remaining place is only Ramgram Stupa.
In reign of shrilanka’s king Tutu Gabhini a make sonna with his penance by conserved the elephants and taken away the Asthi metal and later he again returned this metal it was relieved so. In this place has historical importance so that publishing and developing this integrative development project will be publicize and develop this area with uplifting the communities’ people’s standards.
මෙම ස්ථූපයේ කැණිම් තවමත් ආරම්භ කර නැහැ. මෙහි ඇති ගඩොල් වලට වී පොතු මිශ්‍ර කර සාදා තිබීමත් මා දැකපු විශේෂ දෙයක්.
අලුත් තොරතුරක්! කලින් අහල තිබුනේම් නෑ…ස්තූතියි…ඒ වගේම ඔබේ project එක දේශ්පාලන ඔලු වලට වැදේවා කියල පතනව. ( ඕකෙ copy යක් අපේ රජාටත් එවල බලන්න )
පින්තූර ටිකට පොඩි heading එකක් දැම්මානම් වඩාත් හොන්ද නැත්ද ?
ammo hena kalekata passe ube post ekak dakke.
මේ දවස්වල අධික වැඩ. ලියන්න දේවල් එමටයි. බලමු බලමු…..
[…] දේශයෙන්. වැඩිපුර තොරතුරු සදහා මගේ යසෝධරාවගේ ගමට ලිපිය […]
//….බරණැස හිටපු කුමාරයෙකුට…..
එයා තමා ඒ කාලේ බරණැස් නුවර හිටිය රාම රජතුමා.
//….අශෝක රජුන් බෞද්ධයකු වී වෙහෙර විහාර 84000 ක් සැදීමේ දී බුදුරදුන්ගේ සියලූම ධාතුන් වහන්සේලා එක් තැනකට එකතුකර නැවත බෙදා හැරිය බවයි සැලකෙන්නේ. …//
මේ වැඩේ කරන්නේ අජාසත් රජතුමාම තමා. අනාගතයේ අසෝක නම් රජෙක් වෙහෙර විහාර 84,000 ක් කරවන නිසා ධාතු ලබාගන්න පහසුවෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් සර්වඥ ධාතු රාජ්‍ය 8 කට බෙදුවත් ඒවායේ ස්වල්පයක් ඉතිරි කරලා රාජ්‍යයන් 7 ක තිබුණු සර්වඥ ධාතු කොටස් එකතු කරලා රජගහනුවර විශාල ස්ථූපයක් ඉදි කරවන්නේ අජාසත් රජතුමා.
ඒ ස්ථානයෙන් තමා අසෝක රජතුමා සර්වඥ ධාතු ලබාගන්නේ
රජයට කරපු යෝජනාවලියේ වත්මන් තත්වය කොහොමද අයියා ??