මේ ලියන්නෙ අළුත් අවුරුද්දට නේපාලයේ ඉඳලා ගෙදර එන්න කලින් ලියන අන්තිම සටහන. අද මම කත්මණ්ඩු වල නැවතිලා ඉන්න ගමන් ලියන්නෙ. මම ඉන්න හෝටලයේ රෙස්ටුරන්ට් එකේ අල්ලපු මේසෙ උඩ තිබුන දෙයක් ගැන මට හිතෙන දේ තමයි මේ.
ලංකාවෙ අපේ උදවිය දැන් ඕපන් සෝස් මෘදුකාංග භාවිතයට හැරිලා නිසා මයික්‍රොසොෆ්ට් අයිතිකාර බිල් ගේට්ස්ගෙ බිස්නස් එක වැටිලාලූ. ඒක නිසා දැන් මිනිහා ගිණිපෙට්ටි හදන්න පටන් අරන්. ඇත්තමයි. බොරුයි කියලද හිතන්නෙ. බලන්න මිනිහගෙ අළුත්ම ප්‍රොඩක්ට් එක. එයා මේක නේපාලෙට හඳුන්වා දීලා මේ දවස් වල පරීක්ෂණයක් කරනවා මේක අපිට විකුණන්න පුළුවන්ද කියලා. බලන්න මම ඒකෙ ෆොටෝ එකකුත් ගත්ත.
මේක දැක්ක ගමන් මට බකස් ගාල හිනහ ගියා. කරුමෙට ඒ වෙලාවෙ ලැප් එක තිබුනෙ නැහැ. නැත්නම් ඔන්ද ස්පොට් ලියනවා. මම තනියම හිනාවෙනකොට මමම දැක්ක මිනිස්සු කිහිප දෙනෙක් මා දිහා බලනවා. උන් හිතන්නැති මට පිස්සු කියල.
ආයෙ මුණගැහෙන්නෙ අළුත් අවුරුදු දවස්වල ලංකාවෙදි. ඔන්න එහෙනම් ඉන්ඇඞ්වාන්ස් ඔක්කෝටම 2009 සුභම සුභ නව වසරක් වේවා කියනවා!
වලටත් මේ වගේම වැඩක් වෙලා
එයාල දැන් සබන් බිස්නස් එකකට බැහැලා
මේක බලන්නකෝ
http://www.totalmania.net/gmail-soap
ඔව්වා අපේ මහන්සියෙ ප්‍රථිපල
ඕක විකාර ප්රචාරක ක්‍රමයක් විතරයි. ඒත් මාර ආතල් තමා.
ඔබටත් සිංහල දෙමල අලුත් අවුරුද්දක් වේවා!