මේ දිනවල සෑහෙන්න කථාබහට ලක්වෙන මේ 11.11.11 11.11.11 කථාව පිළිබඳව යමක් සඳහන් කරන්න සිතුනේ අද උදෑසන මුණු පොතත්, රූපවාහිනියත් යන දෙකම බැලීමෙනුත් පසුවයි. මුහුණු පොතේ ම ටැග් වූ මේ පිළිබඳ රූප අපමණය. ඒ වාගේම එක් රූපවාහිනී නාළිකාවක පැවසුවේ වසර දහසකට එක් වතාවක් පමණක් උදාවන මෙය අසිරිමත් අවස්ථාවක් බවයි. ගැටලූව මෙයයි. සත්‍ය වශයෙන්ම මෙය 11.11.11 11.11.11 නොවේ යනු මගේ හැගිමයි. මෙය 2011.11.11 11.11.11 වන බව ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැකිය. තවත් වසර සියයක දී 2111.11.11 11.11.11 උදාවේ. අප ඒ වන විට ජීවත්ව නැතත්, එයද අද වාගේම මුල ඉලක්කම් දෙක නොසලකා හැරි 11.11.11 11.11.11 ම වේ. කාරණාව එසේ නම් මේ හුදෙක් මාර්කටින් වැඩක් ද? සිතිවිල්ල ඔබට.....
Advertisement

දැන් අපි සාමාන්‍යය භාවිතේදි 1994 කියන්නේ නෑ නේ, 94 ඒ වගේ 2011 කියන් නෑ නෑ 11. ඉතින් ඒ වගේ ශත වර්ශයක මුල් ඉලක්කම් දෙක ලියන්නේ නෑ නේ. ඉතින් ඒක නිසා ඒකත් 11.11.11 තමා. මේක ඉතින් විශේෂ දෙයක් උනාට ඉතින් මහා ලොකු දෙයක් මේකේ නෑනේ. ඉතින් කෝමත් මාකටින් වැඩක් තමා. ඒත් ඉතින් හැම දේකම ෆන් එකක් තියෙනවා නේ.