Feeds:
Posts
Comments

.

.

ඩොමේන් නාමයන් කිහිපයක් විකිණීමට තිබේ. කරුණාකර අමතන්න.

 

මේ දිනවල සෑහෙන්න කථාබහට ලක්වෙන මේ 11.11.11 11.11.11 කථාව පිළිබඳව යමක් සඳහන් කරන්න සිතුනේ අද උදෑසන මුණු පොතත්, රූපවාහිනියත් යන දෙකම බැලීමෙනුත් පසුවයි. මුහුණු පොතේ ම ටැග් වූ මේ පිළිබඳ රූප අපමණය. ඒ වාගේම එක් රූපවාහිනී නාළිකාවක පැවසුවේ වසර දහසකට එක් වතාවක් පමණක් උදාවන මෙය අසිරිමත් අවස්ථාවක් බවයි. ගැටලූව මෙයයි.

සත්‍ය වශයෙන්ම මෙය 11.11.11 11.11.11 නොවේ යනු මගේ හැගිමයි. මෙය 2011.11.11 11.11.11 වන බව  ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගත හැකිය. තවත් වසර සියයක දී 2111.11.11 11.11.11 උදාවේ. අප ඒ වන විට ජීවත්ව නැතත්, එයද අද වාගේම මුල ඉලක්කම් දෙක නොසලකා හැරි 11.11.11 11.11.11 ම වේ. කාරණාව එසේ නම් මේ හුදෙක් මාර්කටින් වැඩක් ද? සිතිවිල්ල ඔබට.....

මේක මගේ හිතවත්ම හිතවතෙකුගේ මල්ලිගේ දෙවන දවසේ උත්සවය. තිබුනේ මාරවිල ප‍්‍රදේශයේ. බොහොමත්ම චාමෙට තමයි උත්සවය පැවැත්වුනේ. මම මීට සති කිහිපයකට උඩදි ගෙනාපු නිකෝන් D5100 කැමරාවෙන් තමා කෙරුවෙ. බලන්න, රස විඳින්න, අදහසක් ලියල යන්න. මොකද ඔයාලගෙ අදහස් තමා අපිව නිවැරදි කරන්නෙ. ඒ වාගේම අලූත් යමක් කරන්න හිතන්නෙ….\

ඔබේ ජීවිතයේ සුවිශේෂී වූත්, වටිනාම වූත් දින දෙකක් වෙනුවෙන් එකම එක් වරක් අපටත් කථා කර බලන්න…….

මේ මංගල උත්සවය ගනේමුල්ල ප‍්‍රදේශයේ පැවැත්වුන එකක්. මේකෙ ඡයාරූප සහ වීඩියෝ දෙකම මගේ ආයතනයෙන් තමයි සිදු කලේ. බලන්න රස විඳින්න…..

ප‍්‍රශ්නයක්........?
ඇත්තටම ඇල්බමයට සිංහලෙන් කියන්නෙ මොකක්ද......?

									

 

 

ඔන්න තවත් මගුලක තෑන්ක්ස් කාර්ඞ් (ස්තූති කිරීමේ පත‍්‍ර) දෙකක්……

 

පසුගියදාක අපි අනුරාධපුර ගිය ගමනක ගත්තු ඡුායාරූප කිහිපයක් බලන්න

This slideshow requires JavaScript.

පසුගියදාක අපි අනුරාධපුර ගිය ගමනක් අතරතුරේ ගත්තු ඡුායාරූප කිහිපයක් බලන්න

දඹදිව වන්දනාවක් ගැන කථා කරමින් සිටි මා හදිසියේ ම වෙනත් මාතෘකාවක් ගැන මෙලෙස සඳහන් කරන්නේ ඇයිදැයි ඔබට ගැටළුවක් ඇති විය හැකිය. මෙම නම් වල ඇති වචනයන්ගෙන්ම මේවා කිසියම් වූ ස්ථානයන් බව ඔබ සැමට අවබෝධ කර ගැනීමට පුළුවන් වනු ඇත. මෙම ස්ථානයන් දැක බලාගෙන, වන්දනා කර ගැනීම සෑම සැදැහැවත් බෞද්ධයකුගේම අවශ්‍යතාවයක්, ප‍්‍රාර්ථනාවක් වන බව ඔබ දන්නවාද? එසේනම්, මේ ස්ථානයන් මොනවාද? ඒවා අපට වැදගත් වන්නේ ඇයි? සියළු දඹදිව වන්දනාවන්ට ප‍්‍රථම මෙය අනිවාර්යයෙන්ම දැන ගත යුතු ඉතාමත්ම වැදගත් කාරනාවකි.

බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන සල් උයනේ පිරිනිවන් මංචකයෙහි සැතපී සිටින අවස්ථාවේ තම අග‍්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් අමතා ‘‘සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවේජයානි…..’’ ආදී වශයෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව සැදැහැවත් බෞද්ධ කුලපුත‍්‍රයෙකු විසින් ධර්ම සංවේගය උදෙසා වැඳ පුදා ගත යුතු තථාගතයන් වහන්සේගේ ජීවිතය හා බැඳුනු ස්ථාන හතරක් ඇති බව වදාළ සේක. තවද, ‘‘ආනන්දය, මේ පූජනීය ස්ථාන වැඳුම් පිදුම් කිරීමට එන අය පහන් සිතින් යුතුව අතරමගදී මිය ගියත් මරණයෙන් මතු සුගතිගාමී වනු ඇත’’ යනුවෙන් ද වදාළ සේක. මේ ස්ථානයන්ට සතර සංවේජනීය ස්ථාන ලෙස පවසනු ලැබේ. ඒවා පහත පරිදි වේ.

1. සිද්ධාර්ථ කුමරුන් උපත ලද ස්ථානය, එනම් ලූම්බිණිය

2. සිද්ධාර්ථ තාපසතුමන් බුදුබව ලැබූ ස්ථානය, එනම් බුද්ධගයාව

3. බුදුන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය, එනම් ඉසිපතනයේ මිගදාය

4. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය, එනම් කුසිනාරාව

මෙලෙසම සියළුම බුදුවරුන් විසින් අත් නොහරින, සුවිශේෂී වූ භූමි හතරක් මෙලොව පවතී. අත් නොහරින යන තේරුම ඇති අවිජහිත ස්ථානයන් ලෙස ඒවා හඳුන්වනු ලබයි. ඒවා පහත පරිදි වේ.

1. සිද්ධාර්ථ තාපසතුමන් බුදුබව ලැබූ ස්ථානය, එනම් බුද්ධගයාව

2. බුදුන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය, එනම් ඉසිපතනයේ මිගදාය

3. මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කර නැවත මනුලොවට පා තැබූ ස්ථානය, එනම් සංකස්ස

4. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය, එනම් කුසිනාරාව

මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ, බුදුන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය, මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කර නැවත මනුලොවට පා තැබූ ස්ථානය සහ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය යන ස්ථාන තුන සතර සංවේජන හා සතර අවිජහිත ස්ථානයන් යන දෙකෙහිම පොදු වීමය. නේපාලයේ කපිල්වස්තු නගරය ආසන්නයේ ඉතාමත් පැහැදිලිව කකුසඳ සහ කෝනාගම බුදුවරුන් ඉපදුනු ස්ථානයන් අශෝක ස්ථම්භයන් මගින් තහවුරු වී ඇති බව දැක බලා ගත හැකි වේ. මේ අනුව මින් පැහැදිලි වන ප‍්‍රධාන කරුණක් වන්නේ සියළු බුදුවරුන් සමාන ආකාරයට උත්පත්තිය ලැබූවද, උත්පත්ති ස්ථානය එකිනෙකට වෙනස් වන බවය.

 

 

සියළුම කරුනු කාරණා වලට ප‍්‍රථමයෙන්ම මා ඔබට ඉදිරිපත් කරන්නේ දඹදිව වන්දනාවක යන බොහෝ කණ්ඩායම් භාවිතා කරන ගමන් මාර්ග සිතියමයි. සියළු දෙනාම පාහේ තම වන්දනා ගමන ආරම්භ කරනු ලබන්නේ නවදිල්ලියෙන් හෝ මදුරාසි එනම් චෙන්නායි සිටය. චෙන්නායි වෙත ලඟා වන වන්දනාකරුවන් දුම්රියෙන් දින 04 සිට 07 දක්වා වූ කාල පරාසයක් නවදිල්ලිය හෝ බරණැස දක්වා ගමන් කරති. දඹදිව වන්දනාව බොහෝ වැඩිහිටියන්ට අපහසු වන්නේ මේ නිසාය. එහෙත් සාමාන්‍ය දුම්රියක එසේ ගමන් කිරීමෙන් ලබාගත හැකි අත්දැකීම් නම් අති විශාලය. මා බොහෝ අවස්ථා වලදී ඉන්දියාවේ දී ගමන් කලේ දුම්රියෙනි. එසේත් නොමැති නම් සාමාන්‍ය බස් රථයෙනි. මෙහිදී මා ලද භාග්‍ය වන්නේ සාමාන්‍ය මිනිසුන් හා කථාවට වැටී ඔවුන්ගේ ජීවන රටාවන්, කථාන්දර වැනි දෑ විශාල වශයෙන් එක්රැස් කර ගැනීමට හැකි වූ නිසාය.

සිතියමේ සඳහන් පරිදි අංක 01 සිට 12 දක්වා බැලිය හැකි ස්ථාන 12 කි. අංක 2 සිට 12 දක්වා සහ අවසානයේ අංක 01 ද යන පිළිවෙලට මේවා පිළිබඳව විස්තර ලිවීමට අදහස් කරමි. මීට අමතරව ඉන්දියාවේ බැලිය යුතු යයි මට හැෙඟන ස්ථාන කිහිපයකි. එනම්, අලහබාද්, කජුරාවෝ, අජන්තා, ඇල්ලෝරා, සාංචි සහ මහබලිපුරම් ය. මේ සියළුම ස්ථාන බැලීමට නම් අවම වශයෙන් මාසයක් වත් අවශ්‍ය වේ. කෙසේ වෙතත් මගේ මේ උත්සාහය මෙම ස්ථාන පිළිබඳව සහ ගමන් වලදී මා ලබා ගත් අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීමයි. එමෙන්ම දඹදිව වන්දනා ගමන් වල ඇතුලාන්තය පැහැදැලි කර දීමයි.

 

 

මගේ දෝණියැන්දෑ දැන් අලූතෙන් පොඩි ව්‍යාපාරයක් පටන් අරගෙන. මගේම බඩු ටික පාවිච්චි කරලා සල්ලි හම්බ කරන්න තමයි එයා යන්නෙ. මගෙන්ම කොලයක් ඉල්ලගෙන, මගෙම කම්පියුටරය උඩට නැගල, මගෙම පොටෝකොපි මැෂින් එකෙන්, මටම පොටෝ කොපියක් ගහල දෙයි වගේ. මොනා කරන්නද….. දැන් පොඞ්ඩො ඉස්සර අපි වාගෙ නෙවෙයි.

තාක්‍ෂණිකව දියුණුයි.

Technically Improved!

මීට බොහෝ කාලයකට පෙර දඹදිව වන්දනාවක සියළු අභ්‍යන්තර තොරතුරු ඔබ සැමට දැන ගැනීමට ලිවීම මගේ ආසාවක් වුවත් කාලය හසුරවා ගැනීමේ ප‍්‍රබල ගැටළු තිබූ බැවින් ඒ සඳහා වසර 03 ක්ම ඉස්පාසුවක් ලැබුනේ ම නැත. එහෙත් දැන් නම් එයට කාලය එළැඹ ඇති බව මම ඉතාමත් සතුටින් මෙසේ සටහන් කරමි. මෙම ලිපි පෙලින් මා බලාපොරොත්තු වන්නේ හුදෙක් කිසිවකුට හෝ කිසිදු ආයතනයකට හෝ ඇගිල්ල දික් කිරීම නොව පැහැදිලිවම දඹදිව වන්දනාවේ ඇතුලාන්තය පිළිබඳ ඉතාමත් පැහැදිලි තොරතුරු අප පාඨකයන්ට ඉදිරිපත් කිරීමයි. මෙම උත්සහය අපගේ සැදැහැවත් බෞද්ධයාගේ දඹදිව වන්දනාව අවබෝධයෙන් හරිහැටි සිදුකරගැනීම පිණිස මාගෙන් සිදුවිය යුතු යම් පුණ්‍යමය සේවා කටයුත්තක් ලෙසද මා දකිමි.

සෑම දෙයක්ම වාණිජකරණය වී ඇති මෙකල අති පූජනීය වූ දඹදිව වන්දනාවද වාණිජ රැුල්ලට අසුවී ඇති බව මැනවින් පසක් වන්නේ විශේෂයෙන්ම පුවත්පත් වල ඇති දඹදිව වන්දනාව පිළිබඳ වූ දැන්වීම් දකින විටය. එම වාණිජකරණය තුලින් සැදැහැවත් බෞද්ධයන්ට මෙම ව්‍යාපාරිකයන් සිදුකරන අකටයුතුකම් තව තවත් මැනවින් අවබෝධ කර ගැනීමට හැකි වනුයේ එම වන්දනාවන්ට සහභාගීවීමෙන් හෝ ඒවා සියුම්ව නිරීක්‍ෂණය කිරීමෙන් ය. එහෙත් මෙහිදී කණස්සල්ලට පත් වන මූලික කාරණය නම් මෙම බුද්ධ භූමි වන්දනාවන් සඳහා රාජ්‍ය අනුග‍්‍රහය මැනවින් නොලැබීමයි.

ශ‍්‍රී ලංකාවේ ඇති බොහෝ පෞද්ගලික ආයතනයන් ප‍්‍රධාන වශයෙන් තමන්ගේ ලාභය පමණක් අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන මෙම බුද්ධ භූමි වන්දනාවන් තුලදී අප සැදැහැවතුන්, සැදැහැවතියන් අති පූජනීය වූ බුද්ධ භූමි වන්දනාවෙන් ලැබෙන සුවිශාල වූ කුසල කර්මයට වඩා සංවිධායකයන්ගේ නොසැලකිල්ල සහ ලාභය පමණක් සඳහා වූ අරමුණු නිසා සිත්තැවුලට පත්වීම සුලභ කාරණයකි. ජීවිත කාලයක් තිස්සේ උපයා ගත් ධනය වියදම් කර ශ‍්‍රී ලංකාවේ දුප්පත් දෙමව්පියන් තමන් සංවිධායකවරුන් හට ගෙවනු ලැබූ අති විශාල මුදලට තමන් හට ඇති වූ සිත් තැවුල් සඟවාගෙන සිටින්නේ ඊටත් වඩා බුද්ධ භූමි වන්දනාවෙන් තමන් ලැබූ කුසලය ගැන සිහිකරමිනි.

මා නේපාලයේ, බුදුරදුන්ගේ පා පහස ලැබූ අසිරිමත් ලූම්බිණියේ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව සිදුකරන ශ‍්‍රී ලංකා මහා විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු වල වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ යෙදුන බැවින් සහ ඉන්දියාවේ හා නේපාලයේ සියළුම බෞද්ධ ස්ථානයන් හි චාරිකා කිරීම තුලින්ලබා ගත් පන්නරය සහ අත්දැකීම් මෙන්ම බොහෝ වන්දනා නඩ මෙම බුද්ධ භූමි වන්දනාවේ දී සිදු කරන ලබන අසාධාරනකම්, අකටයුතුකම් පිළිබඳව ද මා හට හොඳහැටි අවබෝධයක් ඇත්තේ එම වන්දනාවන් සියුම්ව නිරීක්‍ෂණය කිරීමට ඉතාමත් වටිනා අවස්ථාවන් ලැබුනු නිසාය. එම සියුම් නිරීක්‍ෂණයන් තුලදී, අති පූජනීය සිද්ධාර්ථ කුමරුන් උපන් ලූමිබිණියට පැමිණ, මායාදේවී පන්සල තුල බැලීමට කිසිවක් නැතැයි පවසමින් එය වටා වරක් පැදකුණු කර තමන්ගේ කණ්ඩායම ආපසු රැුගෙන යන, කාලය සහ මුදල් පසුපස හඹා යන සංවිධායකවරුන්ද නිරීක්‍ෂණය කිරීමට මට හැකිවිය.

බුද්ධ භූමි වන්දනාවන් ඈත ගම්මාන වලට රැුගෙන ගොස් සාමාන්‍ය දුම්රිය වන්දනාවෙන් වෙන් වී කරදරයකින් තොරව පහසුවෙන්, විවේකීව හා විශ්වාසයෙන් යුතුව වන්දනා කිරීමට අපේ බෞද්ධ මව්වරුන්ටත්, පියවරුන්ටත් මෙම පූජනීය අවස්ථාව සලසා දීම සැමගේම මූලික පරමාර්ථය විය යුතු බව මගේ වැටහීමයි.

සියලූ බුදුවරුන් ඉපිද, බුදු වී, සදහම් දෙසා පිරිනිවූ ඒ දඹදිව් තලය වන්දනා කිරීම මනු ලොවට පැමිණි අප පෙර පින් කර ඇති බව මනාව පසක් කරන කරුණකි. කිසියම් කෙනෙකු මවුකුසින් බිහිව, අංග විකල නොවී, යහපත් සිහි නුවණ ඇතිව, හොඳ නරක වෙන්කර සිතිය හැකි මනසක් ඇතිව, බුද්ධෝත්පාද කාලයක ඉපිද, ධර්මානුකූල ජීවිතයකට පණ පොවමින්, ‘‘මමත් ධර්මය අවබෝධ කරනවා’’ යන ඒකායන අරමුණෙහි සිට සතර සංවේජනීය ස්ථාන දැක, වැඳ පුදා පහන් සංවේගය උපදවා ගන්නට තරම් වාසනාවක් ඇත්නම් ඒ සැදැහැවතුන් මිහිපිට සැබෑ භාග්‍යාවන්තයෝ ම ය.

මුදල් තිබු පමණින්ම යත හැකි ගමනක් නොවන බුද්ධ භූමි වන්දනාව, පෙර පින් කර ඇති පුරුදු පුහුණු සිත් ඇත්තෙකුට, ඇත්තියකට සිත්හි ඇතිවන පුණ්‍ය සිතිවිල්ලක ප‍්‍රතිඵලයකි. දඹදිව සිටින කාලය ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගය. බුදු ගුණ සිතමින්, බුදු බණ අසමින්, ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවේ යමින් සිතිනුත්, කයිනුත්, වචනයෙනුත් මේ කාලයේදී රැුස් කර ගනු ලබන පින්, නිවන් දකින ජාති දක්වා සැප විපාක ලැබී දෙව් මිනිස් ලෝකවලම ඉපදී තව තවත් පින් රැුස් කර ගැනීමට හැකිවන බව මොහොතක්වත් ඔබ හිතුවා ද? බුද්ධගයාව, බරණැස, කුසිනාරාව, සැවැත්නුවර වැනි පින් බිම් වල ඇවිදන විට ඒ ශ්‍රේෂ්ඨ ආර්යයන් වහන්සේලාගේ පාද ස්පර්ශය නොලබපු ස්ථාන මේවා කියා අපට කිව හැකි ද?

ලොවේ මොනයම් මිහිරිතම ශබ්දයක් ඇසුවද පින් රැුස් නොවේ. එහෙත් බුදු බණ අසන විට පින් රැුස් වේ. දෙඇසින් දකින සෑම දෙයටම පින් රැුස් නොවේ. එහෙත් බුදුරුව දකින විට පින් රැුස් වේ. සියලූ ගමන් අභිමුව අති පූජනීය වූ බුද්ධ භූමි වන්දනාව වෙනස් වන්නේ මෙලෙසිනි. මේ නිසා අප සැවොම එකම අරමුණින් යුක්තව, හදවතේ ගැඹුරේ පුරවාගත් අචල ශ‍්‍රද්ධාවකින් බුදුන් වහන්සේ නැමදිය යුතුයි. මෙවැනි දින කීපයක් ජීවිතයේ කිසි දිනෙක අපිට නොලැබේ. ඒ නිසා සිත් සේ පින් රැුස්කර සැදැහැවතුන් තම පැමිණි අරමුණ මුදුන් පමුණුවා ගැනීමට වග බලා ගැනිම සහභාගීවන්නන්ගේ යුතුකමක් මෙන්ම එයට අවශ්‍ය සියළුම පහසුකම් සහ නිදහස සැලසීම රැුගෙන යන්නන් වූ නඬේ ගුරාලාගේ වගකීමක් ද වන්නේ ය.

මුදල් ගෙවා යන නිසා අපිට කැමති දෙයක් දඹදිව තුල දී කිරීමට නිදහස ඇත යන පටු වැරදි හැඟීම් වලින් තොරව සියලූ ආගමික කටයුතු වලට සහභාගී විය යුතු අතර, නොදැනුවත්කම, නිහතමානිකම හා කීකරුකම සැදැහැවතුන්ගේ දඹදිව වන්දනාව සාර්ථකවීමේ රහසයි. සම්මා දිට්ඨියෙන් තොර උගත්කම, වත් පොහොසත්කම්, තරාතිරම, නිළතල හා පුහු ආටෝපය වන්දනාව අසාර්ථක වීමේ පෙර ලකුණුයි. ඒ නිසා වචනයේ පරිසමාප්ත ආර්ථයෙන්ම බුද්ධ භූමි දැක, වැඳ පුදා මේ අනවරත සංසාර ගමනේ දී ඉක්මණින්ම සැදැහැවතුන්ට ඒ සම්බුදුරාජණන් වහන්සේලා නිවී සැනසී වදාළ ඒ ශ‍්‍රී සද්ධර්මය අවබෝධවීමට මේ පිනුත් හේතු වාසනා වේවායි මම පතමි. එමෙන්ම සැදැහැවතුන් සැමට සතර සංවේජනීය හා අව්ජහිත ස්ථාන වැද පුදා සැදැහැවත් කුල පුත‍්‍රයකු ලෙස ලද මිනිස් භවේ නිසි ප‍්‍රතිඵල විද අනවරත සංසාර ගමනින් එතෙර වීමට දඹදිව වන්දනාව පාරමිතාවක්ම වේවා !….

මීලඟ ලිපියෙන් වන්දනාවේ ගමන් මාර්ග හා සියළුම සිද්ධස්ථාන පිළිබඳ මා ගත් ඡයාරූප සහිත තොරතුරු බලාපොරොත්තු වන්න…..

Please use this link!

http://www.facebook.com/video/?id=1404778054

අපේ ගෙදරට මේ ඊයෙ පෙරේදා ආවා අලූත් අමුත්තො දෙන්නෙක්. එක්කෙනෙක් නම් ඔයාලා අඳුරනවත් ඇති. ඒ වුනාට මේ අනිත් එක්කෙනා……??
එයාව මමනම් මීට කලින් දැකලවත් නැහැ. මමත් මෙයාව අඳුරගන්න ආසයි. ඔයාල කවුරුහරි මෙයාව අඳුරනවනම් මටත් පොඞ්ඩක් කියනවද …..

මේ මංගල උත්සවය මම අගොස්තු මාසෙ තමයි කලේ. ඒත් ඔන්න දැන් තමයි ඔයාලට බලන්න දාන්න වෙලාවක් හම්බ වුනේ. කලවම් වුනාට වැඩිය ගණන් ගන්න එපා…… මේ දවස් වල අම්බානකට බිසී අවුරුද්දෙ අවසානය නිසා. ගිණුම් හදන්න, ගිණුම් පරීක්‍ෂා කරල බලන්න. වාර්තා හදන්න. ඊලග අවුරුද්දෙ සැලසුම් හදන්න….. වැඩ කෝටියයි. තරහ වෙන්න එපා….. ජනවාරි 06 වෙනකම්. ඊට පස්සෙ ගොඩක් තොරතුරු තියෙනවා ලියන්න. හැමෝටම සතුට, සාමය, සැනසිල්ල පිරි සුභම සුභ අලූත් අවුරුද්දක් වේවා…….

පසුගියදාක මට මගේ පාසලට නැවත යාමේ අවස්ථාවක් ලැබුනා. එහිදී ගත්තු ඡයාරූප කිහිපයක්….. අපි නොදැනීම අපි වයසට ගිහින්……. ඒ වගේම අපි අතීතයට හිතින් දුවගෙන යනවා…….

ලියන්න නම් දේවල් බොහොමයයි. දැන් ආයතනයේ ව්‍යාපාර අංශය භාරව ඉන්න නිසා ඇත්තටම කාලවේලාව නම් අන්තිම අඩුයි. මූණුපොත පැත්තෙත් දවසකට එක පාරක් වගේ තමයි සැරිසරන්න වෙන්නෙ. මට හිතෙන හැටියට නම් මම මේ ලියන්න යන දේ ගැන සෑහෙන විස්තරයක් ලියන්න වෙයි වගේ. මගේ පුත‍්‍රයව දාන්න ගිය මොන්ටිසෝරිය මගෙ පංතියෙ අතිජාත හිතවතියක් (මචං කෙනෙක්) තමයි කරන්නෙ. මේක ලියන්න හිතුනෙත් එයා මට කියපු කථාවක් නිසා. ඒක බොහොම පරණ කථාවක් වුනාට මම ලියන්නෙ ඒක නෙවෙයි.

වැඬේ කියන්නෙ කාලෙකට පස්සෙ මට ඇප්ලිකේශන් එකක් පුරවන්න වුනා පුත‍්‍රයව භාර දෙන වෙලාවෙ. මම කිවුවා ‘‘මගේ අකුරු නම් ඇත්තටම දැන් නම් කැත වෙලා බං’’ කියලා. ඒ ඇසුරින් මට හිතුන තවත් එක් දෙයක් කියවල බලන්න.

ඉස්සර ආදරය කරපු අය සහ අද ආදරය කරන අය සන්නිවේදනය කරන හැටි පිළිබඳ සංසන්දනයක් කරල බැලූවොත් කොහොමට තියෙයි ද?
රජ කාලෙ නම් ඉතින් රජතුමා තමන්ට කැමති කෙනෙක් ටක් ගාලා තමන්ගෙ අන්තඃපුරයට ගෙන්න ගත්තලූ. (අනේ එහෙමත් වාසනාවක්) ඒ කාලෙත් අපි ඔය දැන් කියනව වගේ සමනල් කථා බිසවුන්නාන්සේලාට කියන්න ඇති නේද.

මම මේ කියන්නෙ මට මතක කාලෙ ඉඳලා. පස්සෙ මේ නවසිය අනූ ගණන් වල මුල නම් ප‍්‍රධානම වැඬේ වුනේ කෙල්ලට කොහොම හරි ඇඞ්රස් එකක් දී ගන්න එක. ඒකත් ගෙදරට අහු නොවෙන අනුන්ගෙ එකක්. එහෙම එකක් හොයා ගන්න එකත් සෑහෙන ලොකු ගේමක්. ඉස්සර අපි ටි‍්‍රප් එකක් එහෙම යනකොට ඇඞ්රස් ලියපු කොලකෑලි එහෙම අනිවාර්ය අංගයක්. ලියුමක් ආවත් නැතත් ඇඞ්රස් එක කෙල්ලෙක් අහුලගත්තොත් ඇති. ඔය කාලෙ තමයි මම අපේ පංති වල ලිපි ලිවීමේ අංශය භාරව හිටියෙ. මට සෑහෙන්න  ඕඩර්ස් තිබුනා මොකද අනිත් හැම කොල්ලගෙම අකුරු වලට වඩා මගේ අකුරු ලස්සන නිසා. එකම ලියුම කිහිපදෙනෙකුටම දීපු අවස්ථාත් නැතිව නෙවෙයි. ලස්සන වැඬේ කියන්නෙ මම යාලූවෙන්න අහපු කෙල්ල මට කිවුවේ ‘‘අයියෙ, ඔයා ඔය කාටවත් කියල ලියුම් ලියන්නෙ නැතුව ඔයාම ලියල එවන්න කියල’’ ඒ තරමටම අපේ ඉස්කෝලෙ මගෙ අත් අකුරු ජනප‍්‍රිය වෙලා තිබුනා. මම හිතන්නෙ එයාටත් මම ලියපු එකක් කවුරුහරි දෙන්න ඇති.

පස්සේ පස්සේ ලිපි ලිවීම සෑහෙන්න ජනප‍්‍රිය වුනා. අතේ තැපැල් තමයි ඉතින් ආරක්‍ෂිත මාර්ගය වුනේ. කෙල්ලෙකුට ලියුමක් දුන්න කියන්නෙ ඉතින් ඊට වැඩි දෙයක් නැහැ. පොත් අස්සෙ දාලා, අතේ හංගගෙන ගිහින්, කැසට් පීස් එකක් අස්සෙ දාලා, කෝඩිනේටර් කෙනෙක් හරහා යවන ලියුමක් ඉතින් ලෝකෙටත් එහා. ඒකට එන උත්තරයක් ගැන කියල වැඩක් නැහැ. ඔහොම ගිය මේකට අනූ ගණන් වල මැද භාගයේ ස්ථාවර දුරකථනය එකතු වුනා. ඒත් ඉතින් ගෙවල් වල කොහෙද ටෙලිපෝන්. කොමියුනිකේශනුත් හැම තැනම තිබුනෙ නැහැනෙ. මට මගේ බිරිඳත් හම්බවෙන්නෙ ඔන්න ඔය ස්ථාවර දුරකථන ගෙවල් වලට ලැබෙන්න පටන් ගත්තු 1998 වගේ කාලයේ. ඊට වැඩියෙ ඒ ගැන ලියන්න හොඳ නැහැනෙ.

අනේ ඉතින් අපිත් කොළඹට වෙලා ඉන්න කාලෙ  ඕන්න 13500/- ක්ම දීලා ඇල්කටෙල් මොබයිල් එකක් ගත්තා. ඒ වුනාට ඉතින් කෝල් වල ගණන්. ඒ කාලෙ රීලෝඞ් නැහැ. 400 කාඞ් විතරමයි. හැම තැනකටම වැඩ කරන්නෙත් නැහැ. මමයි මගේ බිරිඳයි දුරකථනයෙන් සෑහෙන්න කථා කලා. එයාටම කියල එකක් මම අරන් දුන්නෙ 2001 විතර.

ඔන්න ඊට පස්සෙ ආවෙ දුරකථන ආදරය. මල් කැඩිල්ල. මේ ආදරය කිරිල්ල 2008 විතර වෙනකන් සෑහෙන්න දරුණුවට ආව මම දන්න හැටියට. ඒත් දැන්……. අපි ඔක්කොම වර්චුවල් වැඩ. කිසිම කෙනෙක් හම්බවෙන්නෙ නැහැ. ඒත් ලග ඉන්නවා වාගේ හැමතිස්සෙම. ලෝකය කුඩා වෙලා. මිනිස්සු වන අපි ඈත් වෙලා.

මගේ අකුරුත් කැත වෙලා. ලිපියක් ලියන්න සමනල් අදහස් එන්නෙත් නැහැ. හොරෙන් ඇඞ්රස් එකක් දෙන්න හිතෙන්නෙවත් නැහැ. එස් එම් එස් එකකට උත්තර ලියන්නෙත් බොහොම කලාතුරකින්. කෝල් එකක් දෙන්නෙත් අවශ්‍යතාවයකට විතරයි. මූණුපොතේ……. ඒක කරන්න බැහැනේ. නීතිවිරෝධියි.

හැබැයි……. මීට අවුරුදු 15 – 20 ට කලින් මේ වයර්ලස් තාක්‍ෂණය තිබුනනම්…… අපේ ජීවිත මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුනා…….. දැන් ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ……. අපි පරක්කු වැඩිද මන්ද……..

 

මේ ඡයාරූප සියල්ලම පවතින ආලෝක තත්වයන් යටතේ රාත‍්‍රී කාලයේදී ගතතු ඒවා. බලන්න හොඳයිද කියලා…..

ප.ලි.

මෙය මගේ සියවන ලිපියයි………

මා සමග මගේ තොරතුරු බෙදා ගත් සැමටම ස්තූතියි…….

කලකට පෙර නැතිවීම ගැන දුක් නොවෙමි…..

කලකට පසුව ලැබීම ගැන සතුටු වෙමි…..

හලාවත ප‍්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබූ සෙල්ලිපියක් මා මිත‍්‍ර ඬේවිඞ් ඉන්දික සොයුරාට හමුවී තිබෙනවා. මේ පිළිබඳ හලාවත ප‍්‍රාදේශීය ලේකම්තුමියට ද දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව මේ දිනවල ඔහු කටයුතු කරමින් සිටිනවා. විද්‍යුත් මාධ්‍ය වලට දැනුම් දී තිබුනත් ඔවුන් මෙය ප‍්‍රවෘත්තියක් ලෙස හුවා දැක්වීමට මදක් මැලිකමක් දක්වන බවයි ආරංචි. මෙය පිළිබඳව ඓතිහාසික තොරතුරක් දැනට ඔහු සතුව නැතත් අපේ සංස්කෘතික හා අතීත උරුමයන් රැුකගත යුතු බවටයි ඔහුගේ අදහස.

මෙහි ඡුායාරූප පහත දැක්වෙනවා. මේ පිළිබඳව ලංකාදීප පත‍්‍රයේ සහ ඬේලිමිරර් පත‍්‍රවල වාර්තා ද පහත දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් කථා කළ හැකි අයෙක්, ආයතනයක් ඒ වාගේම උනන්දුවක් දක්වන අයටත් අපේ ඬේවිඞ් ඉන්දික සොයුරා සමග මෙතැනින් සම්බන්ධ විය හැකියි.

අපි හැමෝම අපේ උරුමයන් වෙනුවෙන් පෙළ ගැහෙමු !..

මේක අපි අලූතින් ලංකා සුළු ධීවර සම්මේලනයේ ‘‘සුධීස’’ අවන්හලට අලූතෙන් කරපු බෝඞ් එක. අපේ අවන්හල තියෙන්නෙ කොළඹ – හලාවත පාරෙ 65 වන කිලෝමීටර් කණුවට පොඞ්ඩක් හලාවත පැත්තෙ. පහුගිය ටිකේ අවන්හලේ ගොඩක් වෙනස්කම් අපි සිදුකලා. ඇවිත් කාලම බලන්න……

Older Posts »

Follow

Get every new post delivered to your Inbox.